සජිත්ගේ වැඩ දැක්කහම මට හැඟෙන දෙයක් මම කියන්නම්. සජිත්ට කවදාවත් මේ රටේ රාජ්‍ය නායකයෙක් වෙන්න බෑ. ඇයි මම එහෙම කියන්නේ? ඕනම කෙනෙක් තමන් අත්පත් කරගන්න එහෙමත් නැත්නම් ලඟා වෙන්න බලාපොරොත්තු වෙන දේ ගැන හීන දකිනවා. එතැන් සිට ඒ හීන සැබෑ කරගන්න තමයි මොළය වෙහෙසෙන්නේ.
ඒ හීන වලට ගැලපෙන පුද්ගලයන් සහ තීණ්දු තමයි මොලය විසින් නිර්මාණය කර හඳුන්වා දෙන්නේ. නමුත් යම් අයෙක් ඒ හීනය කෘතීමව සාක්ශ්‍යාත් කරගත්තොත් මොළය රැවටෙනවා. ඒ මෙහෙයුම අතහැර දමනවා.
ඉන් පසු කරන සියල්ලම විකාරයක් බවටත් විහිළුවක් බවටත් පත්වෙනවා. ඒ අරමුණට බැඳිච්ච මිනිස්සු ඈත් වෙනවා. මේ කතාව මගේ ජීවිත භාවිතාවෙන් මම පුරුදු කරපු දෙයක්. මම සත්‍ය ලෙසම යම් දෙයක් තත්වයක් අත්පත් කර ගන්න තුරු කවදාවත් ඒ තත්වය කෘතීමව භුක්ති විඳින්නේ නැහැ.
උදාහරණයක් කිව්වොත් මට ත්‍රීවීලරයක් තිබ්බ කාලේ ඒකට කිසිම අමතර දෙයක් හෝ ස්ටිකරයක්වත් සවි කලේ නැහැ. සමහරු ඒකට බෙන්ස් ලාංඡන, ටොයොටා ලාංඡන සවි කරනවා. ඒකේ ප්‍රාඩෝ කියලා ගහනවා. අන්න එතකොට සැබෑවටම බෙන්ස් එකක් ප්‍රාඩෝ එකක් පදින්න තියෙන desire එක නැතුව යනවා. එතනින් ගමන ඉවරයි.
සජිත්ටත් වෙලා තියෙන්නේ ඒකයි. අධික හීනමානය නිසා වල්මත් වෙලා.
-කැලුම් ජයසුමන
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...