දේශීය පුවත්

හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනාට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන පිළිබඳ නියෝගය ලබා දීම අද (6) දහවල් 2.30 තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

මහබැංකු බැඳුකර සිද්ධිය සම්බන්ධ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් වරයා මේ බව ප්‍රකාශ කළේය.

වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා විසින් නීතීපතිට ප්‍රශ්න 7 කින් යුත් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළ අතර ඒ සඳහා පිළිතුරු දිය හැකි දැයි විමසු අවස්ථාවේදී පිළිතුරු දීමට හැකියාවක් ඇතැයි පැවසූ නීතිපතිවරයා ඒ සඳහා වේලාවක් ලබා දෙන ලෙස මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව නඩුව යළි 2.30 ට කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

• අදාල වර්ෂයේදී බැදුකර වංචාවට අදාළව කොපමණ බැඳුකර නිකුත් කර තිබුණාද?
• එයින් කොපමණ වංචාවක් සිදු වූවාද?
• සේව අර්ථසාධක අරමුදලලේ ආයෝජනය සඳහා කොපමණ මුදලක් යොදා තිබුණාද?
• අර්ජුන් මහේන්ද්‍රන් සමඟ පර්පෙචුවල් ටෙෂරීස් සමාගම ඇති සබඳතාවය කුමක්ද?
• මහ බැංකු බැඳුකර සිද්ධිය සම්බන්යෙන් සැකකරුවන් ලෙස නම්කර සිටින මහ බැංකුවට සම්බන්ධ නිලධාරීන්ට වරෙන්තු නිකුත් කිරීමට අදාල සාක්ෂි කෙසේ පදනම් වනවාද? ආදී ප්‍රශ්නාවලියක් නීතීපතිට යොමු කර තිබේ.
බැඳුම්කර වෙන්දේසි වල සිදු කරන ලද අපරාධමය වැරදි වලට සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සැකකරුවෝ 12 දෙනා පහත පරිදිය . පසුගිය 4 වැනිදා ඔවුන්ගේ විදෙස් ගමන්ද තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

1 .පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්

2 . සන්ද්‍රේශ් රවින්ද්‍ර කරුණානායක

3 .ලක්ෂ්මන් අර්ජුන මහේන්දුන්

4 .අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්

5 .පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි

6 .ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්

7 .චිත්ත රංජන් හුළුගල්ල

8 .මුත්තුරාජා සුරේන්ද්‍රන්

9 .අජාන් ගාර්දියෙ පුංචිහේවා

10.තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර

11.සංගරපිල්ලේ පදුමනාපන්

12.පදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More