රුපියල් කෝටි ගණනක තීරු බදු වංචා කරමින් පසුගිය රජය කාලයේ සිදුකර ඇති මහා පරිමාණ සහල් ජාවාරමක් පිළිබඳව රේගුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
හෝටල් කර්මාන්තයට අවශ්‍ය බාස්මතී සහල් ආනයනය කිරීමේදී ලබාදෙන තීරුබදු සහනය පාවිච්චි කරමින් මෙම මහා පරිමාණ වංචාව සිදුකර ඇති බවද රේගුව සඳහන් කරයි.
වෙළෙඳ ගිවිසුමක් භාවිත කරමින් පාකිස්තානයෙන් බාස්මතී සහල් බව හඟවමින් සාමාන්‍ය වර්ගයේ සහල් ආනයනය කර ඇති බවත්, බාස්මතී සහල් සඳහා ලබාදෙන තීරු බදු සහනය පාවිච්චි කරමින් මෙරටට ගෙනවිත් ඇති සාමාන්‍ය වර්ගයේ සහල් ටොන් 3000 ක් අඩංගු කන්ටේනර් සියයකට අධික ප‍්‍රමාණයක් රේගු භාරයට ගෙන පරීක්ෂණ කරගෙන යන බවත් පවසන රේගු ආරංචි මාර්ග මෙසේ ගෙන්වා ඇති එම සහල් බාස්මතී සහල් නොවන බවට සහල් පර්යේෂණ ආයතනය තහවුරු කර ඇති බවද පවසයි.
පාකිස්තානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම යටතේ තීරු බදු නිදහස යටතේ වසරකට බාස්මතී සහල් ටොන් 6000 ක ප‍්‍රමාණයක් මෙරටට ආනයනය කළ හැකි බවත්, ඒ අනුව බාස්්මතී සහල් කිලෝවකට රුපියල් 65 ක පමණ බදු සහනයක් ලැබෙන බවත්, එම නිදහස පාවිච්චි කරමින් මෙම වංචාව සිදුකර ඇතිබවත්, රේගුව වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගිය කාලයේ දිගටම මෙම ජාවාරම සිදුවී ඇති බවත්, මෙමගින් රජයට රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකර ඇති බවත්, දැනටත් පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් මෙම ජාවාරම සිදුවන බවත් එම රේගු ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...