දේශීය පුවත්

ජාතිවාදී ප්‍රචන්ඩතාඋත්සන්න තලයට පැමිණ තිබුණද අගමැතිවරයා අගමැති පුටුව බේරා ගැනීමේ කටයුත්තේ නිරතවන බවත් ජනාධිපතිවරයා තවත් යටිකුට්ට වැඩක් කරන්නේ කෙසේ දැයි කල්පනා කරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

දිගන ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වයේදී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වූ බවත් එහි වගකීම ජනාධීපතිවරයාත් අගමැතිවරයාත් බාරගතයුතු බවත් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

වසර 30ක අනවරත ජාතිවාදී යුද්ධය හේතුවෙන් මහපොළොව ලේවලින් හා කඳුළින් තෙත්වූ බවත් උතුරේ හා දකුණේ මිනී කඳු ගොඩ ගැසුණු බවත්. මේ හෙතුවෙන් ජාතිවාදය හෙළා දැකීමට ජනතාව කටයුතු කළ යුතු අතර සියලු දේශපාලන පක්ෂ ජාතිවාදී ප්‍රවණතාවන් ප්‍රතික්ෂේප කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

ජාතිවාදී ප්‍රවණතාවන් තුළින් සිදුවන්නේ සිංහල මුස්ලිම් හා දෙමළ ජනතාව බෙදා වෙන් කිරීම පමණක් බවත් ජනතාව බෙදී වෙන්වූ පසු රටකට ඉතිරි වන්නේ ජනතාව අතර ඇතිවන ගැටුම පමණක් බවත් ඔහු පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More