ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නාමයෝජනා සකස් කිරීම සඳහා පත් කර ඇති කමිටුවට එම සන්ධානයේ ප්‍රබල පක්ෂ නායකයන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිළ ඇතුළු පක්ෂ නායකයන් කිහිපදෙනෙකුගේ නම් ඇතුළත් කර නැතැයි වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු එම සන්ධානයේ පක්ෂ නායකයෙකු ප්‍රකාශ කළේ එම කමිටුවට කුඩා පක්ෂ නියෝජනය කරමින් පත්කර ඇත්තේ දිනේෂ් ගුණවර්ධන හා ඩිව් ගුණසේකර පමණක් බවය.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන කාර්යභාරයක් කරන ලද පක්ෂ නායකයන් කිහිපදෙනෙකුට නාමයෝජනා කමිටුවේ සාමාජිකත්වය ලැබී නැති බව වාර්තා වේ.
එලෙස පත් කර ඇති කමිටුව අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුතු අතර බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම ඇතුළු කිහිපදෙනෙකු එහි සෙසු සාමාජිකයන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...