මෛත්‍රිපාල සිරිසේන මහතා කළ උකුස්සා පිළිබඳ කතාව ගැන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කිරීම පළ රහිත ක්‍රියාවක් යැයි හිටපු රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතා පවසයි.
සිරිසේන මහතා එම කතාව කීවේ එක්සත් ජාතික පක්ෂයට යැයි ද ඒ මහතා කීවේය.
එජාපය සෑමදාම කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ඩැහැගැනීම යැයි ද පැවසූ වාසුදේව මහතා ඒ ගැන අද්දැකීමෙන්ම දන්නා සිරිසේන මහතා උකුස්සා ගැන කතාව කීවේ එම අදහසින් යැයි ද පැවසුවේය.
පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඒ ගැන වැරදි අවබෝධයක් ඇති කර ගෙන අනවශ්‍ය කතාවක පැටලී ඇතැයි ද කී වාසුදේව මහතා ඔවුන් කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සුහදව කටයුතු කරමින් මැතිවරණය ජය ගැනීමට ක්‍රියා කිරීම යැයි ද පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...