විදේශ පුවත්

සමාජ මාධ්‍යය සමාගමක් වන “ෆේස් බුක්” ආයාතනයේ ලන්ඩන් කාර්යාල ලබන සඳුදා(09) තෙක් වසා තැබීමට එහි පාලන අධිකාරිය තීරණය කරඇති බව නිවේදනය කරයි. “ෆේස් බුක්” සමාගමේ සින්ගපූරු කාර්යාලයේ සේවයේ නියතු සේවකයෙකු පසුගිය පෙබරවාරි මාසයේ 24-26 යන දිනවල ලන්ඩන් කාර්යාල වලට  රාජකාරිමය කටයුත්තකට පැමිණ ඇති අතර ඔහු නැවත සින්ගපූරුවට යෑමෙන් පසු COVID-19 වෛරසය ආසාදිකයෙකු බවට එරට සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස “ෆේස් බුක්” සමාගම පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස තම කාර්යාල සංකීරණය නිරෝධායනයට ලක් කිරීම පිණිස දින දෙකක් වසා තැබීමට පියවර ගෙන ඇතැයි පැවසේ. කෙසේ වුවද සේවකයන් තම නිවෙස් වලම සිට තම රාජකාරි කටයුතු වල නියලෙන ඇති බව සමාගම නිවේදනය කර සිටී. ඒ අනුව ලන්ඩනයේ පිහිටි “ෆෙස් බුක්” සමාගමේ ලන්ඩන් කාර්යාල තුනම ලබන සඳුදා දක්වා වසා තැබෙනු ඇති.

කෙසේ වුවද 3000ක් පමණවූ “ෆේස් බුක්” සමාගමේ ලන්ඩන් කාර්යාලවල සේවකයන්ගෙන් කොපමන ප්‍රමානයක් වෛරසය ආසාදනය වූ සින්ගපූරු සේවකයා සමඟ සම්බන්ධවූයේ දැයි නොපැවසීමට “ෆේස් බුක්” සමාගම පරිස්සම් විය. සමාගම තම සේවකයන්ට තම තමන් විසින්ම “ස්වයං හුදකලාවීම” කරන ලෙසත් තමන්ට රෝගය වැලඳී ඇති දැයි සැලකිලිමත් වන ලෙසත් දන්වා සිටී.

කෙසේ වුවද වෛද්‍යය මතය වන්නේ වෛරසය ආසදනයවී දින 14ක් යන තෙක් කිසිදු රෝග ලක්ෂනයක් පිටතට නොපෙන්වන අතර ඒ කාලය තුළ රෝගියා, රෝග වාහකයෙකු ලෙස ක්‍රියා කරන බවයි. මේ අතර “ෆේස් බුක්” සමාගමේ සියැටල් කාර්යාලයේ පෙබරවාරි 21 දක්වා සේවය කළ සේවකයෙකුට වෛරසය ආසාදනය වී ඇත්තේ පසුගිය බදදා වන අතර ඒ හේතුවෙන් පූර්ව ආරක්ෂක කටයුත්තක් ලෙස ලන්ඩන්හි පිහිටි කාර්යාල මෙන්ම සියැටල්හි පිහිටි කාර්යාලද වසා තැබීමට කටයුතු කිරීමට “ෆේස් බුක්” පාලන අධිකාරිය තීරණය කර තිබේ.

මාධ්‍යය වාර්තා වලට අනුව ලන්ඩනයේ පිහිටි “ෆේස් බුක්” කාර්යාල සංකීර්ණය වසා දැමීමට පෙර මේ අයුරින්ම COVID-19 වෛරසය ආසාදනය වූ සේවකයන් හේතුවෙන් HSBC සහ ඩිලොයිට් යන සමාගම් වල කාර්යාලද වසා දැමීමට කටයුතු කර තිබුනි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More