දේශීය පුවත්

COVID-19 වෛරසය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපල කිසිවකින් ගමන් ආරම්භ කරන කිසිදු ගුවන් යානයකට කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඇතුලුවීම එරට ගුවන් තොටුපල අධිකාරිය විසින් තහනම් කර තිබේ.

අද(07) ජාත්‍යන්තර වෙලාවෙන් 07:00 පැයේ සිට පෙබරවාරි මස 14 වනදා 21:00 පැය දක්වා අදාල තහනම බලපැවැත්වේ. ගුවන් ගමන් තොරතුරු පිළිබඳ විශේෂඥයන්ට අනුව අදාල තහනම තවදුරටත් දීර්ඝකිරීමට කුවේට බලධාරීන් කටයුතු කිරීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකාවට අමතරව ඊජිප්තුව,පිලිපීනය,සිරියාව, බංගලාදේශය,ලෙබනනය සහ ඉන්දියාව යන රටවලටද අදාල තහනම බලපැවැත්වෙනු ඇත.COVඓඪ්-19 වෛරසය ආසාදිත රෝගීන් ඉහත රටවලින් හමුවීම නිසා මෙම තහනම පනවන්නට ඇති බව පැවසේ.

කෙසේ වුවද ශ්‍රී ලාංකිකයන් කිසිවෙක් ශ්‍රී ලංකාව තුළ COVඓඪ්-19 වෛරසය ආසාදනයට ලක්ව නොමැති තත්වයක් තුළ මෙවැනි තහනමකට ලක් වීමට හේතුව සම්බන්ධයෙන් කළ විමසීමට ගුවන් ගමන් ක්ෂේත්‍රයේ නම සඳහන් කිරීමට අකමැති නිළධාරියෙකු පවසා සිටියේ හේතු කිහිපයක් නිසා මෙම තහනම ශ්‍රී ලංකාවට අදාළ කිරීමට හේතු විය හැකි බවයි.

ඒවා අතර,
1)කොරියාව සහ ඉතාලිය යන COVID-19 වෛරසය බරපතළ ලෙස ආසාදනය වී ඇති රටවල ශ්‍රි ලාංකිකයන් බහුල ලෙස රැකියාව කිරීම සහ ඔවුනට ශ්‍රී ලංකාවට පැමිණීමට කිසිදු තහනමක් පනවා නැති වීම.

2) චීන ජාතික කාන්තාවකට ශ්‍රී ලංකාව තුලදී COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීම(ඇය සුවපත් වුවද කොරෝනා වෛරස ආසාදිතයන් සිටින රටක් ලෙස  ලෝක සෞඛ්‍යය සංවිධානය හඳුනා ගැනීම.

3)ඉන්දියාව,බංගලා දේශය වැනි COVID-19 වෛරසය ආසාදිත රටවලින් සංක්‍රමණ මගීන් ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපලට පැමිණීම.

යන කාරන ඇතුලත් වේ.


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More