දේශීය පුවත්

මහනුවර පවතින තත්වය එන්න එන්නම බරපතල වන නිසා වහාම මැදිහත්වී තත්වය පාලනය කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද 07 දින පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

‘‘ මහනුවරින් ඇසෙන්නෙ සිත සතුටු කරන ආරංචි නොවේ. මහනුවර සිංහල මුස්ලිම් ජනතාව ඉන්නෙ මහත් බියෙන් කඩු පොලු අතට ගත්තු අය ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනව. ආණ්ඩුව කිසි ගානක් නැතිව බලා ඉන්නව. ආණ්ඩුවේ වග කිව යුතු මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේ නැහැ’’ යනුවෙන්ද විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කළේය. දිලිප් වෙද ආරච්චි නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුලු එජාපයේ පිරිසක් බාධා කිරීම නිසා විමල් වීරවංශ මහතා හා ඔවුන් අතර කෑ කෝ ගැසීම්ද සිදු විය.

‘‘ මෙන්න ගිනි තියනවා ’’ යනුවෙන් දිලිප් වෙආරච්චි මන්ත‍්‍රී වරයා කෑගැසුවේය. ප‍්‍රශ්න යට ගහන්න රට ගිනි තියන්නෙ ආණ්ඩුව යනුවෙන් ප‍්‍රකාශ කරමින් විමල් වීරවංශ මහතා ඊට ප‍්‍රතිචාර දැක්වීය.
මහනුවර තත්වය පාලනය කිරීම සදහා රජය උපරිම ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More