දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැති අර්බුද ඊයේ (07) රාත්‍රියේ පැවැති සාකච්ඡාවකින් පසු අවසන් වී ඇති බව වාර්තා වෙනවා.

හිටපු කතානායක කරු ජයසූරියගේ නිවසේ ඊයේ රාත්‍රියේ මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇති අතර ඊට හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ මහලේකම් ෂර්මිලා පෙරේරා ඇතුළු එම පෙරමුණේ නියෝජතයින් එක්ව සිට තිබෙනවා.

එහිදී සමගි ජන බලවේගය සඳහා හංසයා ලකුණ ලබා දීමට නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නියෝජිතයින් එකගත්වය පළ කර තිබෙනවා.

ඒ අනුව දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ඡන්ද ලකුණ ලෙස හංසයා යොදා ගැනීමටයි දෙපාර්ශ්වයේ එකගතාව පළ වී ඇත්තේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ වෙන්ව තරග කරන බව මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇති පසුබිමකයි ඔවුන් මෙවැනි එකගතාවකට පැමිණියේ.

කෙසේවෙතත් හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නිවසේ ඊයේ පැවති මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ එකගතාවන්ට අනුව එක්සත් ජාතික පක්ෂය ද සමගි ජන බලවේගය සමග එක්ව හංසයා ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More