ඉන්දියාව සහ යුරෝපා රටවල සිට උතුරේ දෙමළ දේශපාලන නායකයකු ඇතුළු ප්‍රභූ ඝාතනයක් සඳහා සැලසුම් කළ අලුත්ම එල්ටීටීඊ ජාලය ගැන අනාවරණය කරගැනීමට විදෙස් රටවල සහායෙන් ජාත්‍යන්තර බුද්ධි මෙහෙයුමක් ඇරඹීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.
ජර්මනියේ පුරවැසි භාවය ලබා ප්‍රහාරයකට පැමිණි හිටපු කොටි ප්‍රබලයකු ඇතුළු හිටපු කොටි හයදෙනකු පුපුරන ද්‍රව්‍ය එක්රැස් කළ පුනරීන්හි ආරක්ෂිත නිවස්නයක්ද සොයාගත්තේ මාර්තු 03දාය. යුද හමුදා බුද්ධි අංශය හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මෙම ජාලය ගැන සොයා ගත්තේය. එහිදී මෙතෙක් හමු නොවූ නව තාක්ෂණික උපකරණද සොයාගෙන තිබිණි.
සිව්වැනි ඊළාම් යුද්ධයෙන් පසුව එල්ටීටීඊය හිස ඔසවන්නට ගිය දසවැනි වතාව මෙය ලෙස විමර්ශනවලදී හඳුනාගෙන ඇත. වහාම උතුරු නැගෙනහිර ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා (5දා) සිට නියෝග කර ඇත.
ඉන්දියානු, මැලේසියානු රටවල සිටින කොටි ජාත්‍යන්තර නායකයන් හා කොටි හිතවාදීන් අරමුදල් සපයමින් අලුතින් හිස ඔසවන්නට සූදානම් කළ ප්‍රහාරක කණ්ඩායමට බෝම්බ වර්ග අලුතින් සැකසීමේ පුහුණුව ලබාදී ඇත. ජර්මනියේ සිට පැමිණි ත්‍රස්තයා මඩකළපුවෙන් කොටු කරගෙන ඇති අතර, සෙසු කණ්ඩායම් උතුරෙන් අල්ලාගෙන ඇත.
අධි බලැති පුපුරන ද්‍රව්‍ය ඉන්දියාවෙන් හා උතුරෙන් එක්රැස් කිරීමට යුරෝපා රටවලින් මුදල් එවා ඇති බව බුද්ධි අංශ දැනට සිදු කළ මෙහෙයුම්වලදී හෙළිවී ඇත.
ජාත්‍යන්තර සහාය ඇතිව හිස ඔසවන්නට ගිය එල්ටීටීඊ අලුත්ම ජාලය පසුපස සිටින මොළකරුවන් හඳුනාගැනීමට හා අරමුදල් ලද ආකාරයන් ගැන සෙවීමට ජාත්‍යන්තර රටවල බුද්ධි අංශ සහාය ලබා ගැනීමටත් රජය තීරණය කර ඇත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...