සැකසහිත තුර්කි ජාතිකයන් 53 දෙනකු මෙරටට පැමිණීමේ සිද්ධියක් පිළිබඳව එදා අප හඬ නැඟුවත් විදේශ අමාත්‍යාංශය භාරව සිටි උදවිය එදා එම වගකීම පැහැර හැරියා. එම පුද්ගලයන් අලූත් පක්‍ෂ පිහිටුවා යළිත් ඡුන්දයට මුහුණ දෙන්නට සැරසෙනවා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ රාගම තේවත්තේ 73 වැනි වතාවට පැවති ලෝක ළමා දිනය සැමරුම් උත්සවයට සහභාගි වෙමින් පැවසූහ.
වගකීම් පැහැර හරින මෙම පුද්ගලයන් යළිත් ඡුන්දයට මුහුණ දීමට පැමිණෙන්නේ ලොකු පුටුවල සිට පොඩි පුටුවලට මාරුවීමෙන් යැයිද කාදිනල්තුමා සඳහන් කළේය.
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය මෙතෙක් පැවත්වූ පරීක්‍ෂණ වාර්තා පිළිබඳ සමාලෝචනයක් ජනාධිපතිතුමා රටේ ජනතාව ඉදිරියේ ප‍්‍රකාශයටපත් කළ යුතුව තිබෙන බවද කාදිනල්තුමා පැවසීය.
පසුගිය කාලයේ සිදුවූ අපරාධ රතු පලසක් යට වසා දැමුවත් මින්පසු මෙවැනි අපරාධ වසා දැමීමට ඉඩ නොදෙන බවත් කාදිනල්තුමා වැඩිදුරටත් පැවසීය.
පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ පත් කළ කොමිෂන් වාර්තාව වගේම අතුරු කමිටු වාර්තා සියල්ලම රටේ ජනතාව හමුවේ ජනාධිපතිතුමා ප‍්‍රකාශයට පත් කළ යුතුව තිබෙනවා. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව පරීක්‍ෂණ කටයුතුවල නියැළී සිටින පොලිස් නිලධාරීන් මාරුකර යවා ඇති බව දැන ගැනීමට ලැබී තිබෙනවා. එම පරීක්‍ෂණ සියල්ලම අවසන් වීමෙන් පසු ඔවුන් මාරු කිරීම ප‍්‍රශ්නයක් නැහැ. ඡුන්දයක් තිබුණත් නැතත් සත්‍ය සාධාරණය වෙනුවෙන් අප හඬ නඟනවා.
කොරෝනා රෝගය නිවාරණය සඳහා හැඳල හේකිත්ත ලාදුරු රෝහලට ඇතුළත් කර ගන්නා රෝගීන් සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ.
එවැනි රෝගීන් ඇතුළත් කර ගන්නේ අයිඞීඑච් රෝහලට පමණයි.
මෙහිදී තවත් ප‍්‍රශ්නයක් මතු වෙනවා. මෙම ලාදුරු රෝහලේ පසු වෙන්නෙත් ලාදුරු රෝගීන් බව සිතා බැලිය යුතුයි. එබැවින් මේ ප‍්‍රශ්නය වෙනුවෙන් අපි අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...