දේශීය පුවත්

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, සහ අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 09 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවැසීය.

බැඳුම්කර වංචාව නඩුවේ දෙවැනි සැකකරු වන රවි කරුණානායක සහ හතර වැනි සැකකරු වන අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියේ නිලධාරීන්, ඔවුන්ගේ නිවෙස්වලට ගියද එම අවස්ථාවන්වලදී සැකකරුවන් නිවෙස්වල නොසිටි හෙයින් පොලිස් නිලධාරීන් හිස් අතින් යළි පැමිණ තිබේ.

රවි කරුණානායකගේ බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි නිවසට රහස් පොලිසියේ නිලධාරීන් පෙරේදා (07 වැනිදා) දිනයේදී ගොස් තිබුණි. සැකකරු නිවසේ නොසිටි හෙයින් ඊයේ (08 වැනිදා) පෙරවරුවේදීද රහස් පොලිසියේ නිලධාරීන් එම නිවසට ගොස් තිබේ. සැකකරුගේ රජමල්වත්ත පාරේ නිවසට ඊයේ පෙරවරුවේ ගිය රහස් පොලිසියේ නිලධාරීන් ටික වේලාවක් එහි රැඳී සිටියද සැකකරු එහි නොමැති නිසා ඔවුන් හිස් අතින් නැවත පැමිණ තිබේ. මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව රවි කරුණානායක, අර්ජුන් ඇලෝසියස් ඇතුළු දසදෙනකු අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක ඉකුත් 06 වැනිදා පස්වරුවේ වරෙන්තු නිකුත් කළේය. මෙම සිද්ධියේ අටවැනි සැකකරු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මුත්තුරාජා සුරේන්ද්‍රන් රහස් පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.

අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ​ලෙස දන්වමින් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර මේ වන විට පැය 72කට අධික කාලයක් ගත වුවද, එම සැකකරුවන් සිය නිවසේවලින් පිටවී සැඟව සිටින නිසා රහස් පොලිසියට ඔවුන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More