ඖෂධ නිෂ්පාදනය කරන රටවල් ඖෂධ අපනයනය කිරීම අත්හිටුවීම නිසා ඉදිරි කාලයේදී ඖෂධ හිඟයක් ඇතිවන බව එම ආනයන සංගම් දිවයින පුරා සියලුම ෆාමසිවලට දැනුම් දී තිබේ. ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සහ සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා (6 වැනිදා) කොළඹදී පැවැත්විණි.
එහිදී ඖෂධ ආනයනකරුවන් පෙන්වාදී ඇත්තේ පළමුව වේදනානාශක සහ ප්‍රතිජීවක ඖෂධ වර්ගවල හිඟයක් ඇතිවන බවයි. ඉන් පසු අනෙක් ඖෂධවල හිඟයක් ඇතිවනු ඇති බව පෙන්වාදී තිබේ. ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ඉන්දියාවෙන් ඖෂධ ආනයනය කරන බව මෙම සාකච්ඡාවේදී හෙළි වී තිබේ. ඉන්දියාව ඖෂධ අපනයනය මේ වන විට නතර කර ඇත. ඉන්දියාව ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය චීනයෙන් ආනයනය කරති. නමුත් චීනය පුරා කෝවිඩ් -19 වෛරසය පැතිර යාමෙන් අමුද්‍රව්‍ය නිෂ්පාදනය බිඳ වැටී තිබේ. මේ නිසා ඖෂධ ආනයනයට බාධා මතුව ඇති බව ආනයනකරුවන් පෙන්වාදී ඇත. තවද සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රුපියල් බිලියන 23ක මුදලක් ගෙවීමට ඇති බැවින් සමාගම් පවත්වා ගෙන යාමේ ගැටලුවක්ද මතුව ඇති බව මෙහිදී ආනයනකරුවන් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් ඖෂධ කළමනාකරණය කරන ලෙස ආනයනකරුවන් සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයෙන් ඉල්ලා තිබේ. ඖෂධ ප්‍රමාණවත් තරම් ගබඩා කර කල් ඉකුත් වීම අවම කිරීම, වෛද්‍ය නිර්දේශ නොමැතිව ලබාදෙන ඖෂධ ලබාදීම නතර කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ආනයනකරුවන් මෙහිදී ඉල්ලා තිබේ.මේ පිළිබඳව දිවයින පුරා ෆාමසි 4000ක හිමිකරුවන් පෙරේදා (07 වැනිදා) දැනුවත් කළ බව සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද ප්‍රකාශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...