ලෝකය පුරාම කාන්තා දිනය සැමරීමට කටයුතු සලසා තිබුනු අතර ස්ත්‍රීවාදීන්ගේ සටන් පාඨ මත පදනම්ව එම විරෝධතා සංවිධානය කර තිබීම විශේෂත්වයකි.කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය,පීතෘ මූලික සමාජය සහ දේශ ගුණික විපර්යාස වලට එරෙහිව සැකසුනු විරෝධතා මෙන්ම රැළි ඒවා අතර ප්‍රධාන විය. තුර්කියේ විශාලතම නගරය ආශ්‍රිතව පැවැති කාන්තා දින විරෝධාතාවයේදී කාන්තාවන් සහ පොලීසිය අතර ගැටුම් හට ගැනුණි.කාන්තාවට එරෙහි ප්‍රචන්ඩත්වය නවතාලනු යන්න ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව විය. පකිස්තානයේදී කාන්තාවන් විරෝධතා දැක්වූයේ ස්ත්‍රී පුරුෂ සමානත්වය ඉලිලමින් වූ අතර සමහර අන්තවාදී මුස්ලිම් සමාජ ආශ්‍රිතව ක්‍රියාත්මක “ගෞරවය පිණිස” කාන්තාවන් මරා දැමීම අපරාධයක් ලෙස සලකා කටයුතු කරන ලෙස රජයට බල කරනු ලැබීය.ඉස්ලාමාබාද් නුවරදී කාන්තාක්‍රියාකාරිනියන් සහ සම්ප්‍රදායික අදහස් දක්වන පිරිස් අතර ගැටුම් ඇතිවු අතර ඒවා මැඩ පැවැත්වීමට ඉස්ලාමාබාද් නුවර පොලීසියට මැදිහත් වීමටද සිදුවිය.
බටහිර රටවලදී කාන්තාවෝ වීදි බැස සිටියේ පීතෘ මූලිකත්වය අවසන් කරන ලෙස ඉල්ලා වන අතර ප්‍රංශයේ ස්ත්‍රීවාදීහු දෙවන ලෝක යුද්දයේ ස්ත්‍රී සංකේතය පැළඳි ඇඳුම් භාවිතා කළහ.ප්‍රංශ සහ බ්‍රිතාන්‍යය කාන්තාවෝ දේශගුණික විපර්යාස නවතාලීමට බලකරන සටන් පාඨ තම විරෝධතා සටන් පාඨ අතරට එක් කරගැනීමට කටයුතු කිර තිබූ අතර ඔවුන්ගේ උඩුකය නිරාවරණය කරගත් වීඩියෝ දර්ශන ලොව පුරා මාධ්‍යය වල ආකර්ශනය දිනා ගත්හ.
මූලාශ්‍ර https://www.rt.com/
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...