පුරවැසි කොලම

උපාය මාර්ග ලෙස කාබනික පොහොර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම, බෝග අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීම හෝ මිශ‍්‍ර බෝග හා පශු සම්පත් ප‍්‍රවර්ධනය කිරීම මගින් පාංශු සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාර කිරීම වඩාත් සාර්ථක වනු ඇත. තවත් උපාය මාර්ගයක් නම් ගොවිතැන් සඳහා ආයෝජනය කිරීමට අවශ්‍ය

ප‍්‍රාග්ධනය ගොඩනඟා ගැනීමටත්, දැඩි මූල්‍ය අවදානම්වලට නිරාවරණය නොවීමටත්, සමුපකාර හා ණය සැපයුම් සේවා වැනි මූල්‍ය ආයතන ගොවීන් සමඟ සුහදව කටයුතු කිරීමට පෙළඹවීමයි. කුඩා ඉඩම් හිමි ගොවීන් ලාභ ලැබීමට පෙර විවිධ අභියෝගයන්ට මුහුණ දිය යුතුය. නිෂ්පාදිත ද්‍රව්‍ය සඳහා වෙළඳපළවල් සොයා ගැනීමට කුඩා ඉඩම් හිමි ගොවීන්හට වඩා හොඳ උන්නතිකාමී ක‍්‍රමවේදයක් ස්ථාපිත කළයුතුයි. මේ උදෙසා ආහාර බෝග නිෂ්පාදන දිගු කාලයක් පවතින පරිදි උසස් ප‍්‍රමිතියෙන් යුක්ත ගබඩා කිරීමට සහ පෙර සැකසුම් කිරීමට පහසුකම් ඇතිකිරීම උදෙසා කටයුතු කිරීම කෙරෙහි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අවධානය යොමුකළ යුතු වේ.

මෙරට සෑම කෙනෙකු හටම ප‍්‍රමාණවත් ආහාර සම්පාදනය සඳහා පහසුකම් සැපයීම රජයක වගකීමයි. මේ උදෙසා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සීමිත ගොවිපළ තුළින් එක්රැස්වන අස්වනු ප‍්‍රමාණවත් නොවන අතර ඉන් බැහැරව ආහාර හා බෝග නිෂ්පාදනය කර සපයන්නේ ගොවීහුය. මෙම ගොවීන් අතුරෙන් අතිබහුතරය කුඩා ඉඩම් හිමියෝ වෙති. කුඩා ඉඩම් හිමි ගොවීන් යනු බොහෝ විට හෙක්ටයාර් දෙකකට වඩා අඩු ඉඩම් ප‍්‍රමාණයක් ගොවිතැන් කරන හෝ දිනකට රුපියල් 1500 – 3000 ට වඩා අඩු ආදායමක් උපයන ජනකොටසකි. මෙරට තුළ මිලියන 1.6 ක පමණ පිරිසක් මේ යටතේ ගොවිතැන සඳහා යොමුව ඇත. වාර්ෂික ආහාර නිෂ්පාදනයෙන් 80% ප‍්‍රමාණයකට දායකවන මොවුන් විශාල පිරිසක් වසර ගණනාවක සිට දේශගුණික විපර්යාස, දේශපාලන ප‍්‍රතිපත්ති හා දේශීය ආර්ථිකය ගෝලීයකරණයට ගොදුරු වීමේ අවදානමට ලක්ව සිටිති. මෙම තත්ත්වය හමුවේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඔවුන්ගේ දායකත්වය ද කලින් කලට අඩුවැඩි වේ. එසේම පරම්පරාවෙන් පරම්පරාවට ණයගැතිභාවයෙන් අතමිදීම උදෙසා සීමා රහිත අරගලයක ඔවුහු නිරතවෙති. මෙකී අභියෝග හමුවේ සංවර්ධනය වෙමින් පවතින අප රට පුරා විසිරී සිටින කුඩා ඉඩම් හිමි ගොවීහු මේ සඳහා මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව විමසා බැලීම කාලෝචිත වේ.

විශේෂයෙන්ම ආහාර නිෂ්පාදනය කිරීම සඳහා කුඩා ඉඩම්හිමි ගොවීන් හට හොඳ තත්ත්වයේ යෙදවුම් සඳහා ප‍්‍රවේශයක් අවශ්‍ය වන අතර ඔවුන්ගේ වගාබිම් සඳහා යෝග්‍ය පසක් ගොඩනගා ගැනීමට සිදුවේ. ඒ සඳහා හිතකර පාරිසරික දේශගුණයක් ද අවශ්‍ය වනු ඇත. ගොවිතැනට අදාළ උපකරණ හා මූලික යෙදවුම් වල මිල ගණන් බොහෝ විට තීරණය වන්නේ දේශීයව පනවන ආනයන බදු මත වන අතර රසායනික පොහොර හා යන්ත්‍රෝපකරණ වැනි ගොවිපළ අවශ්‍යතා ජාත්‍යන්තර මිල අනුව තීරණය වන බැවින් බොහෝ කුඩා පරිමාණ ගොවීන් හට මෙකී යෙදවුම් ලබා ගත නොහැකි තත්ත්වයකට පත්ව සිටිති. එමෙන්ම ගොවියාට පාලනය කරගනීමට නොහැකි එක් සාධකයක් වන්නේ යන්ත්‍රෝපකරණ සේවා සඳහා වන පිරිවැයයි.

කුඩා ඉඩම් හිමි ගොවීන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීමට උත්සාහ කරන විට මුහුණ දෙන තවත් ගැටලූවක් වන්නේ නවීන කෘෂිකාර්මික යෙදවුම් මිලදී ගැනීමට ප‍්‍රාග්ධනය ලබා ගන්නේ කොතැනින්ද යන්නයි. නිදසුනක් වශයෙන් බැංකු හෝ ණය සමිති ආසන්නයේ නොමැති සමහර ප‍්‍රදේශවල වල් නාශකයක්, පළිබෝධ නාශකයක් හෝ වැඩිදියුණු කළ බීජ පමණක් නොව පොහොර පවා මිලදී ගැනීම උදෙසා ගොවීන්හට ප‍්‍රාග්ධනය සම්පාදනය කරගැනීමට ඉතා අපහසු තත්ත්වයක සිටින බව නොරහසකි.

එබැවින් ගොවීන් සමහර විට යෙදවුම් මිලදී ගැනීම සඳහා ණය මෝරුන්ට අධික පොලී අනුපාත යටතේ ණය ලබාගැනීමට පෙළඹෙන අතර බෝග වගාව අසාර්ථක වුවහොත් ඔවුන්ට ණය හෝ ඒ සඳහා පොලිය ආපසු ගෙවීමට ක‍්‍රමයක් නොමැති වේ. මූල්‍ය සැපයුම් ආයතන නොමැති විට එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නවීන කෘෂිකාර්මික යෙදවුම් ප‍්‍රවර්ධනය කිරීමට ඇති හැකියාව සීමිතවනු ඇත. එසේම කුඩා ඉඩම් හිමි ගොවීන්හට වෙළඳපළ වෙත පිවිසීමට අරගල කිරීමට සිදුවන අවස්ථා විරල නොවේ. ඔවුන්ගේ නිෂ්පාදන උදෙසා ප‍්‍රමාණවත් ගබඩා හා සැකසුම් පහසුකම් ලබාගත නොහැකි බව ප‍්‍රසිද්ධ ගැටලූවකි. එසේම කෘෂි නිෂ්පාදන බෙදා හැරීමට හා අලෙවි කිරීමට ඔවුන්ට අසීමාන්තිකව වෙහෙසවීමට පවා සිදුවී තිබේ.

කුඩා ඉඩම් හිමි ගොවීන්ගේ නිෂ්පාදන කටයුතු කෙරෙහි බලපාන තවත් තීරණාත්මක සාධකයක් වන්නේ දේශීය පළාත් බද ශ‍්‍රම සංක‍්‍රමණයයි. සංවර්ධනය වෙමින් පවතින අන් රටවල මෙන්ම මෙරට බොහෝ ප‍්‍රදේශවල මිනිසුන් වඩා හොඳ වැටුප් සහිත රැුකියා සොයමින් කෘෂිකර්මාන්තය අතහැර යෑම දැකිය හැක. දිගුකාලීනව කෘෂිකාර්මාන්ත අංශයේ නිරතවන පවුල්වල අලූත් පරපුරේ සාමාජිකයන් ග‍්‍රාමීය පෙදෙස්හි සිට අඩු කායික වෙහෙසක් සහිත රැුකියා වෙත සංක‍්‍රමණවීම හේතුවෙන් රෝපණ හා අස්වනු නෙළන කාලවලදී ඇති වන ශ‍්‍රම හිඟයෙන් කෘෂිකර්මාන්තයට ඇති බලපෑම වඩාත් කැපී පෙනේ. මේ හේතුවෙන් කුඩා ඉඩම් හිමි ගොවීන් ඉහළ ශ‍්‍රම ඉල්ලූමක් සහිත වකවානුවලදී ඉහළ යන වැටුප් හේතුවෙන් දිවා කම්කරුවන් බඳවා ගැනීමට මහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුව තිබේ.

ගොවිපළවල සිටින ශ‍්‍රමිකයන්ට වැඩි පහසුකම් හා අතිරේක ආදායම් මාර්ග ලබා දීමෙන් මෙම තත්ත්වය අවම කරගත හැකිවේ. එහෙත් එවැනි වෙනස්කම් නිසා ශ‍්‍රමය නොමැතිව හොඳ අස්වැන්නක් ලබා ගැනීම දුෂ්කරවීම තවදුරටත් තහවුරු වේ. එමෙන්ම මෙහිදී ජනගහන ව්‍යාප්තියේ වෙනස්කම්හි බලපෑම මෙන්ම ජනතාවගෙන් බහුතරයක් මස් අනුභව කිරීම පිළිබඳව ද අප සිතා බැලිය යුතුය. මෙම සාධක මත සාමාන්‍යයෙන් ගොවීන් නිෂ්පාදනය කරන දේවලින් ඉතා සුළු ප‍්‍රමාණයක් විකුණන නිසා ආහාර මිල ඉහළ ගොස් ඇති අතර දේශීය වශයෙන් නිෂ්පාදනය නොකරන ඔවුනට අවශ්‍ය දේවල් මිලට ගැනීමේදී ගොවීන්ගේ සිත් රිදවනු ඇත.

කෙසේ වුවද කුඩා ඉඩම් හිමි ගොවීන් හට පාලනය කළ හැකි ක්ෂේත‍්‍ර කිහිපයක් වන්නේ පාංශු සෞඛ්‍යය ගොඩනැගීම සහ බෝග සඳහා අවැසි කාබනික පොහොර නිෂ්පාදනයයි. මේ උදෙසා කුඩා පට්ටි වශයෙන් පශු සම්පත් සඳහා ආයෝජනය කිරීමෙන් තම පසෙහි කාබනික ද්‍රව්‍ය ගොඩනඟා ගත හැකි අතර මෙය බෝග ඵලදායිතාව ඉහළ නංවා ගැනීමටද උපකාරී වන අතර එකී කාබනික ද්‍රව්‍ය පසෙහි තෙතමනය රඳවා ගන්නා ස්පොන්ජියක් මෙන් ක‍්‍රියා කිරීමෙන් පාංශු උෂ්ණත්වය යම්තරමකින් හෝ පහත දැමීමට ක‍්‍රියාකරනු ඇත.

එහෙයින් ගොවීන්හට උදව් කිරීමට කුමක් කළ හැකිද? යන්න විමසීමේදී උපාය මාර්ග ලෙස කාබනික පොහොර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම, බෝග අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීම හෝ මිශ‍්‍ර බෝග හා පශු සම්පත් ප‍්‍රවර්ධනය කිරීම මගින් පාංශු සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාර කිරීම වඩාත් සාර්ථක වනු ඇත. තවත් උපාය මාර්ගයක් නම් ගොවිතැන් සඳහා ආයෝජනය කිරීමට අවශ්‍ය ප‍්‍රාග්ධනය ගොඩනඟා ගැනීමටත්, දැඩි මූල්‍ය අවදානම්වලට නිරාවරණය නොවීමටත්, සමුපකාර හා ණය සැපයුම් සේවා වැනි මූල්‍ය ආයතන ගොවීන් සමඟ සුහදව කටයුතු කිරීමට පෙළඹවීමයි. කුඩා ඉඩම් හිමි ගොවීන් ලාභ ලැබීමට පෙර විවිධ අභියෝගයන්ට මුහුණ දිය යුතුය. නිෂ්පාදිත ද්‍රව්‍ය සඳහා වෙළඳපළවල් සොයා ගැනීමට කුඩා ඉඩම් හිමි ගොවීන්හට වඩා හොඳ උන්නතිකාමී ක‍්‍රමවේදයක් ස්ථාපිත කළයුතුයි. මේ උදෙසා ආහාර බෝග නිෂ්පාදන දිගු කාලයක් පවතින පරිදි උසස් ප‍්‍රමිතියෙන් යුක්ත ගබඩා කිරීමට සහ පෙර සැකසුම් කිරීමට පහසුකම් ඇතිකිරීම උදෙසා කටයුතු කිරීම කෙරෙහි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අවධානය යොමුකළ යුතු වේ.

කුඩා පරිමාණ ගොවීන්ට ගොවිතැන දිගටම කරගෙන යෑමට හැකි වන පරිදි ශ‍්‍රම ඉතිරි කිරීමේ ක‍්‍රමවේදයන් සංවර්ධනය කිරීම උදෙසා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වඩා හොඳ වැටුප් සහිත රැුකියා සෙවීම සඳහා සංක‍්‍රමණයවීම අවම කිරීම තවත් වැදගත් උපාය මාර්ගයකි. එහෙත් කුමන උපාය මාර්ගයක් අනුගමනය කළත් සාධක දෙකක් සලකා බැලිය යුතුය. පළමුවැන්න සෑම දෙයක්ම එකිනෙක හා ගලපා ගැනීමයි. අඩු වියදම් ණය හෝ බෝග රක්ෂණ ලබා දිය හැකි මූල්‍ය උපකරණ නොමැති විට නව කෘෂිකාර්මික යෙදවුම් සංවර්ධනය කිරීම අර්ථවත්ව සංවර්ධනය කිරීමට ඉඩක් නැත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කුඩා ඉඩම් හිමි ගොවීන් යටතේ ක‍්‍රියාත්මක වන සන්දර්භය පිළිබඳ විශාල චිත‍්‍රයක් ප‍්‍රතිපත්ති සම්පාදකයන් හා වෘත්තිකයන් මතකයේ තබා ගත යුතුය. ඒ උදෙසා අපි කුඩා ඉඩම් හිමියන්ට උපකාර කිරීම සඳහා නව උපාය මාර්ග හෝ දියුණු ශිල්පීය ක‍්‍රම යෝජනා කිරීමට පෙර එම තීරණ ගැනීමේ ක‍්‍රියාවලියකට එකී කුඩා ඉඩම් හිමි ගොවියන් ද ඇතුළත් කරගත යුතුවේ.

කුඩා ඉඩම් හිමි ගොවීන්ගේ වගාවන් සාර්ථක කර ගැනීමට නව කෘෂිකාර්මික තාක්ෂණයන් සඳහා ආයෝජනය කිරීම හෝ නව බීජ ප‍්‍රභේද රෝපණය කිරීම බොහෝ විට අත්‍යවශ්‍ය පියවරකි. මෙම අවදානම් දැරීම වළක්වන බාධක කිහිපයක් විස්තර කරමු. කුඩා වතු හිමියන් සඳහා තාක්ෂණය සැලසුම් කිරීමේදී මෙම මෙවලම් කාන්තාවන් විසින් භාවිතා කරන බවද මතක තබා ගැනීම වැදගත් වන අතර ඒවා සංස්කෘතිකමය වශයෙන් ද සුදුසු විය යුතුය. එසේම මෙම ගොවිජනතාව ශ‍්‍රම ඉතිරිකිරීමේ තාක්ෂණයන් භාවිත කිරීම වළක්වන පොදු බාධක කිහිපයක් දැකිය හැක. ඒ අනුව ආහාර බෝග නිෂ්පාදනය වැඩි කිරීම සඳහා නව්‍ය තාක්ෂණික ක‍්‍රමෝපායන් හඳුනා නොගැනීම විශේෂිත වේ. එසේම එවැනි දේ කෙරෙහි අනුගතවීමට මැලිවන්නෝද විරල නොවේ. කෙසේ වෙතත් මේ උදෙසා බොහෝවිට නොපෑහුනු පූර්ව තාක්ෂණික ක‍්‍රමෝපායයන් හේතුකාරක වියහැක. එසේ වුවද කුඩා පරිමාණ ගොවීන් දේශීය ආර්ථිකය ප‍්‍රවර්ධනය කරන එයට බලපෑම් එල්ලකළ හැකි පිරිසක් බව අප අවබෝධ කරගත යුතුයි.

එමෙන්ම ගොවිතැන් කටයුතු කාලගුණික රටාවන් මත මුළුමනින්ම රඳා පවතින බැවින් දේශගුණික විපර්යාස කුඩා ඉඩම් හිමි ගොවීන්ට විශාල අවදානමක් ඇති කරයි. එසේම ගොවීන් හට කාලගුණික විපර්යාස පාලනය කළ නොහැකි දෙයක් වන අතර 21 වන සියවසෙන් ඔබ්බට වඩාත් දරුණු දේශගුණික විපර්යාසයන්ගෙන් පිරි ලෝකයක් බිහිවනු ඇතැයි පරිසර හා කාලගුණ විද්‍යාඥයන් අනුමාන කරයි. ඒ හේතුකොටගෙන කුඩා ඉඩම් හිමි ගොවීන්හට විවිධ අභියෝග වලට මුහුණ දීමට සිදුවනු ඇත. මෙයින් බරපතළම ප‍්‍රතිවිපාක ඇතිකරනුයේ ජල හිඟය හා පරිසර උෂ්ණත්වය ඉහළයෑමයි. මෙම සන්දර්භය තුළ අනාගතයේදී මෙම ගොවීන්ගේ වගාකටයුතු කෙරෙහි වන බලපෑම අවම කිරීම සඳහා අනුගමනය කළ හැකි උපාය මාර්ග වශයෙන් නව තාක්ෂණික වගා ක‍්‍රම හා වගා ව්‍යුහ කෙරෙහි කුඩා ඉඩම් හිමි ගොවීන් යොමුකරවිය හැකිය. එසේ වුවද බොහොමයක් ගොවීන්හට අනාගතය සඳහා ආයෝජන කිරීමට තරම් වත්කමක් නොමැතිවීම ගැටලූ සහගත තත්ත්වයකි. කෙසේ වුවද ගොවීන්හට ආධාර කිරීම සඳහා වඩාත් ඵලදායී කාලගුණ අනාවැකි පුරෝකථන තාක්ෂණවේදයක් කෘෂි දේශගුණික කලාප ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙයින් අවධාරණය කරයි.

ගොවිතැනෙහි නිරතවන මෙම පිරිසට වඩා හොඳ ආදායමක් අවශ්‍ය වන හෙයින් ස්ථාවර ආහාර ප‍්‍රමාණයක් නිෂ්පාදනය කිරීම උදෙසා හිමිකම් පෑහැකි වගාබිම් ඔවුන්ගේ මූලික අවශ්‍යතාවන්ගෙන් එකකි. වගා කිරීමට උචිත ඉඩම් සඳහා වූ ප‍්‍රවේශය කුඩා පරිමාණ ගොවියාගේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වූ තවත් එක් ගැටලූවකි. ඉඩම් හිමිකාරිත්වය කෘෂිකාර්මික වගා කටයුතු අඛණ්ඩව කරගෙන යෑමට කුඩා ඉඩම් හිමි ගොවියන් කෙරෙහි බෙහෙවින් බලපායි. විශේෂයෙන්ම දේශීය ඉඩම් ව්‍යාපාර සංවර්ධනය කර විකිණීමේ ලේබලය යටතේ දිවයින පුරා වගා කළ හැකි ඵලදායී ඉඩම් මිලදී ගනිමින් හා කැබලි කරමින් කුඩා පරිමාණ ගොවීන් අවතැන් කරන බව පැහැදිලිව දැකිය හැක. වගා කළ හැකි ගොවිබිම් මිලදී ගැනීමේ ක‍්‍රියාවලිය බොහෝ විට යටත් විජිතවාදයේ නව ප‍්‍රවේශයකි. මෙයින් පෙන්නුම් කරන්නේ මෙරට දැනට සිදුවෙමින් පවතින ඉඩම් කොල්ලය කොතරම්ද සංකීර්ණ ද යන්නයි. මෙම ගැටලූව විසඳාලීම සඳහා ගොවිතැනෙහි නිරතවීමට කැමති පුරවැසියන්හට නිෂ්චිත ඉඩම් ප‍්‍රමාණයක් සුදුසු ක‍්‍රමවේදයක් ඔස්සේ ලබාදිය යුතු යැයි හැෙඟ්. කෙසේ වුවද දැනට පවතින භයංකාර තත්ත්වය වළකාගත හැක්කේ අවංක රාජ්‍ය සේවකයන් හට පමණි. ගොවීන්හට තම වගාකටයුතු උදෙසා ගොවිබිම් මිලදී ගැනීමේදී මුහුණ දෙන මෙම අභියෝග දේශීය ආහාර බෝග නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා සෘජුවම බලපා ඇතිබව පැවසිය හැක.

එමෙන්ම පසෙහි කාබනික ද්‍රව්‍ය මට්ටම අඩු කරන හා පාංශු ඛාදනය පහසු කරවන කෘෂිකාර්මික ක‍්‍රමවේදයන්ගෙන් බැහැරව තිරසාර ආහාර නිෂ්පාදනයක් උදෙසා අප කටයුතු කළ යුතු වේ. ඒ උදෙසා පසට කාබනික ද්‍රව්‍ය එක්කාසු කිරීම, නියඟයට ඔරොත්තු දීමේ හැකියාව සහිත නව බෝග වර්ග හඳුන්වාදීම සහ පාංශු ඛාදනය අවම වන පරිදි ගොවිතැන් කිරීමට ගොවීන් වඩ වඩාත් යොමුකළ යුතුවේ. එසේම තාක්ෂණික අනුවර්තන සඳහා වූ ආයෝජන ද්‍රව්‍ය සපයා ගැනීම උදෙසා සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කිරීම හෝ සීමිත සම්පත් ප‍්‍රමාණයක් ව්‍යාපෘති ඔස්සේ ලබාදීම පමණක් ඉටුකිරීමෙන් නොනැවතී එම කටයුතු දිගුකාලීනව වර්ධනය කරගැනීමෙහිලා ගොවියා නිරතවන්නේද යන්න අඛණ්ඩ ඇගයුමකට නතුකරගත යුතුවේ. මෙලෙසින් කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රය සංවර්ධනය කිරීම උදෙසා කුඩා ඉඩම් හිමි ගොවීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අතිශය ඵලදායී ක‍්‍රමවේදයක් බව පෙන්වාදිය හැක.

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
palithamahinda2@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More