විදේශ පුවත්

සුඩාන අගමැති අබ්ඩල්ලා හැම්ඩොක් මහතා ගමන් කළ රථ පෙළ ඉලක්ක කර එල්ලවූ ප්‍රහාරයක් ව්‍යවර්ථ වීමෙන් අගමැතිවරයා යාන්තමින් දිවි ගලවාගත් බව එරට රාජ්‍යය මාධ්‍යය පවසා සිටී.ප්‍රහාරයෙන් සුඩානයේ අගනුවර වූ කාහටූම් නුවර දෙදෙරුම් කෑ බව කාහටූම් නුවර වැසියෝ පවසති.ප්‍රහාරයෙන් කී දෙනෙකු මියගිය දැයි යන්න වාර්තාව සපයන මොහොත දක්වා බලධාරීන්ට නිශ්චය කරගත නොහැකි වූ බව පැවසේ. සුඩානය දිගු කළක් පාලනය කළ ඔමාර් අල් බෂීර් 2019 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී මහජන උද්ඝෝෂන හේතුවෙන් බලයෙන් පහකළ අතර රට තුළ උද්ගතව තිබූ අස්ථාවර තත්වය යාන්තමින් පහව යමින් තිබූ අවස්ථාවක මෙවැනි පිපිරුමක් සිදුවීම සැක සහිත බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පවසති.

සුඩාන යුද හමුදාව සහ මහජනයා අතර පැවති ගැටුම් ඔමාර් අල් බෂීර් ගේ ඉවත්ව යාමෙන් පවා සන්සිඳීමක් නොවූ අතර සුඩාන විපක්ශයේ පොදු එකඟතාවයෙන් අබ්ඩල්ලා හැම්ඩොක් සුඩාන අගමැතිවරයා බවට පත් විය.61 හැවිරිදි වියේ පසුවන අබ්ඩල්ලා හැම්ඩොක් අප්‍රිකාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ කොමිසමේ ආර්ථික විශේෂඥයෙකු ලෙස සේවය කළේය.සුඩානයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බූදය,උද්ධමනය, ආහාර ඌනතාවය ආදී අර්බූද සමනය කිරීම පිණිස ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍යය අරමුදළ සමඟ සාකච්ඡා වට ගනනාවක් පවත්වා ගෙන යන අවස්ථාවක මෙම පිපිරුම සිදුවීමද විශේෂත්වයකි.

සුඩානයේ පැවැති වාර්ගික ගැටුම් හේතුවෙන් 2002 වර්ෂයේ දී කැරලිකරුවන් සමඟ ගිවිසුමකට එළඹි අතර ඒ සඳහා නෝර්වේ රාජ්‍යය පහසුකම් සැලසීය. දේශපාලන විචාරකයන්ට අනුව නෝර්වේ රාජ්‍යය මැදිහත්වී ඇති කළ ගිවිසුම එම වර්ෂයේදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සහ කොටි ත්‍රස්තවාදීන් අතර අත්සන් කළ ගිවිසුමේ වගන්ති වලට හරියටම සමාන විය. එවකට දේශපාලන විචාරකයන් පවසා සිටියේ ගිවිසුම් දෙකෙහි වෙනස්කම් ලෙස ඇත්තේ ස්ථානීය නාමයන් පමණක් බවයි. සුඩාන රාජ්‍යය ගිවිසුම අත්සන් කළ අවසන් වී ඉතාමත් කෙටිකාලයක් තුළ රාජ්‍යයන් දෙකකට වෙන්වීය. ශ්‍රී ලංකාව ඉතාම දියුනු දේශපාලන උපක්‍රම යොදා ගනිමින් ගිවිසුම ඉරා දැමුවා පමණක් නොව 2009 වර්ෂය වන විට කොටි ත්‍රස්තවාදීන් සියලු දෙනා විනාශ කිරීමට සමත් විය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

මූලාශ්‍ර‍



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More