හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුලු සිව්දෙනෙකු විසින් ගොණු කර ඇති රීට් පෙත්සම හෙට පෙරවරුවේ සළකා බැලිමට අභියාචනාධිකරණය තීරණය කර තිඛේ.
අදාල පෙත්සම අද සලකා බැලුණේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවාස් සහ අර්ජුණ ඔඛේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් නිකුත් කර ඇති වරෙන්තුව නීතියට පටහැනි බවයි.
අදාල අත්අඩංගුවට ගැනිමේ වරෙන්තු නිකුත් කිරිමට පෙර මහේස්ත්‍රාත්වරයා තම සේවාදායකයාගෙන් කිසිදු කරුණු විමසීමක් සිදු නොකල බවද එහිදී සඳහන් කෙරුණා. ඒ අනුව අදාල වරෙන්තුව ක්‍රියාත්මක කිරිම වැළැක්වීමේ තාවකාලික නියෝගයක් නිකුත් කරන ලෙස රවී කරුණානායක මහතා පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිඛේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...