දේශීය පුවත්

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සදහා වන ජාත්‍යන්තර පනත් කෙටුම්පත වැඩි ඡන්ද 53 කින් සංශෝධන නොමැතිව අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. පනතට පක්‍ෂව ඡන්ද 53ක් ලැබුණු අතර විපක්‍ෂව ලැබුණේ ඡන්ද 16 ක් පමණි. එක්සත් ජාතික පක්‍ෂය සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය , ශ‍්‍රී ලංකා මස්ලිම් කොම්රසය සහ දෙමළ ජාතික සන්ධානය පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළහ. පනතට විරුද්ධ වූයේ ඒකාබද්ධ විපක්‍ෂය පමණි. ඡන්දය ප‍්‍රකාශ කරන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරු සභා ගර්භයේ නොසිටියහ. මෙම පනත අද දින සම්මත කරනොගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය මුල සිටමඉල්ලා සිටියේ රටේ ස්වෛරීභාවයට සහ රණවිරුවන්ගේ ආරක්‍ෂාවට මෙම පනත බලපාන බවයි.

ශ‍්‍රී ලාංකිකයන් විදෙස් රටවල අධිකරණ වලට ගෙනයාමට නොහැකිවන සේ මෙම පනතේ 8 වන වගන්තිය සංශෝධනය කරන බවට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්‍ෂයට පොරොන්දු විය. නමුත් සවස් කාලයේ පාර්ලිමේන්තුව අවසන් වීමට පෙර මෙම පනත් කෙටුම්පත සම්මත කර ගන්නා බව තිලක් මාරපන මහතා ප‍්‍රකාශ කළේය.

ඒ සමග ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු තම ආසන වලින් නැගිට ඊට විරෝධය පල කර සිටියහ. එහිදීවිමල් වීරවංශ මන්ත‍්‍රීවරයා සදහන්කර සිටියේ එම සංශෝධනයේ පිටපත් තාම මන්ත‍්‍රීවරුන් අතට නොලැබී ඇති බවයි. ඊට ප‍්‍රතිචාර දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එම සංශෝධනය ඉවත්කර පනත සම්මත කරගන්නා බව ප‍්‍රකාශ කළේය.

මේ සමග ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු දැඩි විරෝධය පල කළහ. විමල් වීරවංශ මහතා පවසා සිටියේ ශ‍්‍රී ලාංකිකයන් විදෙස් රටවලට ගෙනයෑම වැලැක්වීමේ සංශෝධනය ඉවත්කර නොගන්නා ලෙසයි. එම සංශෝධනය මන්ත‍්‍රීවරුන්ට බාරදී නිසි පරිදි සම්මත කරගන්නා ලෙසද විමල්වීරවංශ මන්ත‍්‍රීවරයා දැඩිව ඉල්ලා සිටියේය. නමුත් ඊට එකග නොවූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එම පනත් කෙටුම්පත අදම සම්මත කර ගැනීමට කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More