දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නායකත්වයට පැමිණියේ හොරුන් ඇල්ලීමට පමණක් නොව රට ගොඩ නැගීමේ අරමුණද පෙරදැරිව බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ(09) හංවැල්ලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පාලනයට එනු ලැබුවේ හොරු අල්ලන ගමන් රට කරන්න බවයි.

හොරු පමණක් ඇල්ලීමට නොවන බවත් පැවසු ඒ මහතා, වරදකරුවන්ට දඩුවම් කරනු ලබන්නේ දේශපාලන බලපෑම් මත නොව නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනවල ස්වාධීනත්වය මත එය සිදු කරනු ලබන බවත් වීරවංශ මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණට මේ වන විට ඇත්තේ සියයට 3ක් වැනි ඡන්ද ප්‍රතිශතයක් බවත් පැවසු ඒ මහතා, එය බේරා ගැනීමට ඔවුන් නොයෙක් දේ සිදු කරන බවත් කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණ අද වන විට දොඩවමින් සිටින බවත් පැවසු වීරවංශ මහතා, තමා ලක්ෂ 5ක් ගෙවා අමාත්‍යාංශයට පුටුවක් ලබා ගත් බවට ඇතැමුන් චෝදනා කළත් තමා එවැනි කිසිවක් සිදු කර නැතැයි ද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More