කොරෝනා (කෝවිඩ් – 19) වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යෘංශයේ නිර්දේශ මත අවසන් තීරණය ගැනීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කර ඇති බව වාර්තාවේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසන් සභාව මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතව ඇත.
කොරෝනා කෝවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම නිසා මතු වන ගැටලු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසන් සභාව පසුගිය සතියේදී සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී මැතිවරණ රාජකාරියේ නිරත වන නිලධාරීන් සඳහා අවශ්‍ය මුඛ ආවරණ, අත් ආවරණ අවශ්‍ය තරම් තොග ආනයනය කිරීමට තීරණය කර ඇත.
ලෝකයේ රටවල් 90ක පමණ කොරෝනා වෛරසය ව්‍යාප්ත වී තිබේ. ඇතැම් රටවල වෛරසය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙයි. ලබන සතිය වන විට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය මත මැතිවරණ කොමිසන් සභාවට අවශ්‍ය නිර්දේශ ලබාදෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...