දේශීය පුවත්

රට පුරා නියඟයක් තිබියදී මාවනැල්ල, අඹදෙණිය, අරකොටවැල්ල, පබුරුදෙණිය, පතහවැව (අරකොටවැල්ල වැව) දින දෙකක් වැනි කාලයකදී එක විට පිටාර මට්ටමට ජලය පිරී ඇති අතර මෙම අපූරු සිද්ධිය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන බව ගම්වාසීහු පවසති.

මෙම වැව අසබඩ ගම්මානයේ ඉඩම් කට්ටි කොට පසුගිය 2016 වසරේ නායගිය අරණායක සාමසර කන්ද ඇතුළු ගම්මානවල ජනතාව පදිංචි කර ඇති අතර නිවාස 200කට ආසන්න ප්‍රමාණයක් මෙහි පවතී.

වැවට ඉහළින් ඇත්තේ ගලවා ඉවත් කරන ලද රබර් ඉඩමක් වන අතර වැවට පහත කොටසේ අස්වනු කැපූ කුඹුරු යායක් දැකගත හැකිය. වැවට අඩි 20ක් පමණ පහතින් ගලා බසින අම්බුළුවාවේ සිට මාඔය තෙක් ගමන් කරන කුඩා දිය පහරකි.

කෙසේ වෙතත් එකී සිදුවීමෙන් පසුව මෙම වැව නැරඹීමට පැමිණෙන ජනතාව සහ රථවාහන පාලනයට හෙම්මාතගම පොලිසියේ නිලධාරීන්ද එහි ගොස් සිටිනු දැකගත හැකි අතර ඊයේ රාත්‍රි 10 පමණ වනතෙක් විවිධ ප්‍රදේශවලින් පිරිස් මෙම අපූරු සිද්ධිය නැරඹීමට පැමිණෙමින් සිටි අතර හෙම්මාතගම පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මිය දැනුවත් කළ බවයි.

මෙම වැව පිහිටි ස්ථානයට මීටර් 500ක පමණ දුරින් පිහිටි නිවසක තිබූ නිධානයක් කිසියම් පිරිසක් දින කිහිපයකට පෙර ගොඩගෙන ඇති අතර එහි තිබී ඇත්තේ ග්‍රෑම් 635ක් බරැති දඹ රන් සරස්වතී පිළිමයකි. එම සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙක්ද මේ වනවිට පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙම ගම්මානයේ බොහෝ දෙනකු පවසන්නේ මෙම සිදුවීම ගමේ ඉපැරණි පුරාවිද්‍යා වටිනාකම හේතුවෙන් සිදුවූ හාස්කමක් විය හැකි බවය.

මේ අරුම පුදුම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අරකොටවැල්ල රණබිම ගොවි සමිතියේ සභාපති ටී.ආර්.ටී. බණ්ඩාර මෙසේ පැවසීය.

‘‘මේ දිනවල දැඩි වියළි දේශගුණයක් තමයි තියෙන්නේ. මේ ප්‍රදේශයේ ළිංවල ජල මට්ටමත් කුඩා ඔයේ ජල මට්ටමත් ඉතා අඩුයි. වැවෙත් අඩි 6ක විතර ජල මට්ටමක් තමයි තිබුණේ. දැන් අඩි 14ක් විතර ජලය පිරිලා තියෙනවා. ඒ එක්කම පහළ වෙල් සහ ළිංවල ජල මට්ටමත් වැඩිවෙලා තිබෙනවා අඩි දෙක තුනකින්. දැන් වැව් ජලය පිටාර මට්ටමේ තියෙන්නේ. මේ වැව අඩි 500ක් දිගයි. පළල අඩි 175ක් 200ක් විතර ඇති.

වැව හැදුවේ මෙම ස්ථානයේ ප්‍රධාන උල්පතක් තිබුණු නිසා. තාම අපිට හිතාගන්න බැහැ මෙහෙම වුණේ මොන හේතුවක් නිසාද කියලා. ඉස්සර කාලයේ අපේ මුතුන් මිත්තන් නම් කියනවා මෙම ස්ථානයේ රහස් තැනක ගංගා තිබුණා කියලා. ඒ රහස් ගංගාවකින් මතුවූ ජල පහරක්ද දන්නෙත් නැහැ. අදටත් මිනිස්සු කියන්නේ ආරෙක් කියලා සතෙක් මේ ප්‍රදේශයෙන් මතුවූ නිසා කියලත් කියනවා. ආරා, රාජසිංහ රජතුමා ඒ වැවට දාලා කෙටුවාලු. ඊට පස්සේ ගමේ නම අරකොටවැල්ල වුණා කියලත් කියනවා.

ඒ වගේම තවත් සමහර අය මෙහෙම කතාවකුත් කියනවා. පසුගිය 4 වැනිදා මේ ගම්මානයේ නිවසක කැණීමක් සිදු කරලා. ඊට පස්සේ එහි නිධන් කර තිබූ දඹරන් සරස්වතී ප්‍රතිමාවක් අරන්. ඒක අනුරාධපුර, ගල්නෑව ප්‍රදේශයට ගෙනියන්න හදනකොට පොලිසියෙන් අල්ලා ගත්තා. දැන් දෙන්නෙක් අත්අඩංගුවේ. මෙහි බලපෑමට මේක සිදුවුණා කියලා සමහරුන්ගේ විශ්වාසයක් තිබෙනවා.’’

මේ සිද්ධිය පිළිබඳ ආරංචිය ලද පසු භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ වැව හා අවට පරිශ්‍රය පරීක්ෂාවට ලක් කර ඇති අතර මෙසේ වීමට නිශ්චිත හේතුවක් ඉදිරියේදී අනාවරණය කරගත හැකි බව පවසා ඇත.

භූ විද්‍යා හා පතල් කාර්යාංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More