විදේශ පුවත්

සිරියාවේ අමෙරිකානු විශේෂ නියෝජිතවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටින්නේ රුසියානු ජනාධිපතිවරයා සහ තුර්කි ජනාධිපතිවරයා සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයේ ගැටුම් නැවැත්වීම සඳහා එළඹි එකඟතා සිරියානු පාර්ශවයෙන් හෝ රුසියානු පාර්ශවයෙන් කඩ කිරීමක් සිදු වුවහොත් දෙරටටම අමෙරිකානු සම්බාධක වලට සූදානම් විය යුතු බවයි.

සිරියාවේ අමෙරිකානු විශේෂ නියෝජිත ජේම්ස් ජෙෆ්‍රි මහතා නේටෝ සංවිධානයේ සාමාජිකයන් සමඟ ඊයේ(10) බ්‍රසල්ස් නුවරදී
තුර්කියේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි යන්න පිළිබඳව පැවැති සාකච්ඡාවකින් පසු අමෙරිකානු රාජ්‍යය දෙපාර්තමේන්තුව මගින් මෙම ප්‍රකාශය නිකුත් කර තිබුනි.

කෙසේ වුවද ජේම්ස් ජෙෆ්‍රි වැඩිදුරටත් පවසා සිටින්නේ පාබල හමුදා සටන් විරාමය කඩකිරීමක් සිදු කළ හොත් මෙම තත්වය උදාවිය හැකි බවයි.තවද තුර්කි රජය රුසියානු S-400 මිසයිල නාශක පද්ධතිය මිළදී ගැනීම සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කළ යුතු බවද පවසා සිටියේය.

දේශපාලන විශ්ලේෂකයන්ට අනුව අමෙරිකාව තුර්කියට අමෙරිකානු මිසයිල නාශක පද්ධතියක් විකිනීමේ උවමනාවෙන් නේටෝ සංවිධානයේ මැදිහත්වීමක් සිදුකිරීමට මාන බලන බවත් සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ දී තුර්කිය මුහුණ දී ඇති අවාසි සහගත තත්වය අමෙරිකාව ප්‍රයෝජනයට ගැනීමට මාන බලන බවත්ය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

මූලාශ්‍ර www.rt.com/news/ ‍



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More