දේශීය පුවත්

සන්ධානයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්කිරීම සඳහා ක්‍රියාකාරීව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනාම වෙහෙසෙන්නේ මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට බවට ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි.

“මේ ජයග්‍රහණයට දායක වෙච්චි පක්ෂ ගැන යම් අමතකවීමක් තියෙනවාදෝ කියලා මට තේරෙනවා. කවදාවත් ආණ්ඩුවක් ඇතුළෙ දෙගොල්ලො ගහගන්නවා කියන්නෙ ආණ්ඩුව දුවන්න බෑ. ඡන්දයක් දෙන්න ඉන්න මිනිස්සු වික්ෂිප්ත භාවයට දැන් පත්වෙලා ඉන්නවා.

සන්ධාන කතා සියල්ල පැත්තකට විසිකරලා, උඹලා ඕනෙ නම් තනියම පළයල්ලා, පුළුවන් නම් වරෙල්ලා, අපට දෙන්නෙ දෙකයි, අපට දෙන්නෙ එකයි, එකක්වත් දෙන්නෙ නෑ, පුළුවන් නම් ඉල්ලාගනිල්ලා වෙනම ගිහිල්ලා කියලා … මේ විදියට මේ එකමුතුව බිඳලා දාලා තියෙන්නෙ එක එක මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ නිසා.

මේ බෙදීමට කටයුතු කරන හැම කෙනෙක්ම පැහැදිලිවම යූඑන්පී ජයග්‍රහණයක් කරා ගෙනයන්න වැඩ කරන අය කියලයි මට හිතෙන්නෙ. ඊළඟට තුනෙන් දෙකේ බලයක් ඉල්ලගෙන ගිහිල්ලා ඒකට ඡන්දෙ දෙන මිනිස්සුන්ට මොකද වෙන්නෙ ? ඒක තමයි මිනිස්සු දැන් කල්පනා කරන්නෙ. උඹලා දුන්නු බලයක් නෑ, උඹලා පළයල්ලා කියලා ඒ මිනිස්සුන්ටත් කිව්වොත් මොකද වෙන්නෙ ?” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (10) කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More