‘පොහොට්ටු’ පක්ෂයේ නායකයින් කිහිප දෙනෙකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව ගෙනයන ප්‍රහාරය සමතයකට පත් කිරීම සඳහා ‘ජාතික චින්තන’ ව්‍යාපාරයේ නායක මහාචාර්ය නලින් ද සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මැදිහත්ව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීමක් මතය.
මේ අතර ‘‘කාලය‘‘ FB පිටුවට ලිපියක් යොමු කරමින් මහාචාර්ය නලින්ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ පොදු ජන පෙරමුණේ උද්ධච්ඡයන් කිහිප දෙනකු ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයට එකතු වුණු ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට කෙණෙහිළිකම් කරමින් සිටින බවත් එම උද්ධච්ඡයන් පිටුපස ඉන්නා තැනැත්තාට අවශ්‍ය මෙරට ජනාධිපති වීමට බවත්ය. ඔහු ගෝඨාභය විරෝධියෙක් බවටද චෝදනා කරන නලීන්ද සිල්වා සිරිසේන මහතා එළවා දැමීමේ උවමනාව ඇත්තේ එම පුද්ගලයාට බවටද චෝදනා කරයි.
‘‘සිරිසේන විශ්වාස කරන්න බැරි වීම වෙනත් කරුණක්. සිරිසේන කියාවි ඔහුට ඇතැම් රාජපක්‍ෂලා විශ්වාස නැහැ කියා. එයත් ඇත්තක්. එහෙත් සිරිසේන දින පනහේ ආණ්ඩුවේ මහින්ද අගමැති කෙරුවා. එය සුළු වැඩක් නොවෙයි. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය මහින්දගේ අගමැති ධුරය රැක ගන්න ක්‍රියා කෙළේ නැහැ. ඔවුන්ට බද්‍යුද්දීන්ගේ පක්‍ෂයේ සමගිය වඩා වැදගත් වූවා. අද ඔවුන්ගෙන් ඇතැමකු කියනවා එදා මහින්ද අගමැති කළ එක වැරදියි කියා. එහෙත් යහපාලන ආණ්ඩුවේ ඉරිතැලීම් වැඩි කිරීමට සිරිසේන ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමය හේතු වුණා. අදත් එ ජා පක්‍ෂයට ඒ ක්‍රියාදාමය බලපාන බව පැහැදිලියි. ඒ ක්‍රියාදාමය ගෝඨාභය රාජපක්‍ෂගේ ජයග්‍රහණයටත් අවසානයේ හේතු වුණා.‘‘
සම්පූර්ණ ලිපියට මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...