කොරෝනා වයිරසය හෙවත් (කොවිඩ් – 19) ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ පිළිබඳව දැනුම් දෙමින් ජනාධිපති මාධ්‍ය අංශය මගින් විශේෂ නිවේදනයක් අද (11) නිකුත් කර තිබේ.
ලෝකය පුරා රටවල් රැසක මේ වන විට වයිරසය ව්‍යාප්ත වී ඇති අතර එය පාලනයට එම රටවල් විධිවිධාන රැසක් ගෙන තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් පළමු කොරෝනා රෝගියා මේ වන විට නිරෝධායනයට ලක් කර ප්‍රතිකාර ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සඳහන් කරයි. ඔහු 52 හැවිරිදි ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට මග පෙන්වන්නකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකි.
එම ශ්‍රී ලාංකියා ඇතුළු සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමද ආරම්භ කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල නිවේදයේ දැක්වෙයි.
ශ්‍රී ලංකාව තුළ කෙරෝනා වෛරසය වැළැක්වීමට රජය විධිමත් සැලැස්මක් සහිතව පුළුල් වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඊයේ (10) සිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම ආරම්භ කර ඇත.
එහෙයින් කොරෝනා අවදානම නැති නැති කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට පූරණ සහය ලබා දෙන්නැයි විදේශගතව පැමිණෙන පිරිසගෙන් සහ ශ්‍රී ලාංකික ජනතාවගේ රජය ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...