දක්ෂිණ අධිවේගී මාර්ගයේ හා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ඉකුත් නිවාඩු දිනවල රථවාහන ධාවනයෙන් රුපියල් කෝටි අටකට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මේ ආදායම උපයාගෙන ඇත්තේ එම මාර්ගවල ඉකුත් 6,7,8 හා 9 දිනවලදී ධාවනය වූ වාහන වලිනි.
එම දිනවලදී අධිවේගී මාර්ගවල ධාවනය වී තිබූ වාහන ප්‍රමාණය ලක්ෂ පහකට ආසන්නය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර පාලටුව හා හම්බන්තොට බරවකුඹුක අතර කොටස විවෘත කිරීමෙන් පසුව අධිවේගී මාර්ග වලට දිනකට ඇතුළුවන වාහන සංඛ්‍යාව 15,000 කින් පමණ වැඩිවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්යක්ෂ ජනරාල් එස්.ඕපනායක මහතා පවසයි.
අධිවේගී මාර්ග වලට නිවාඩු දිනවලදී ඇතුළු කෙරෙන වාහන සංඛාව 25,000 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ද ඔහු කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...