COVID-19 වෛරසය ඉන්දියාවේ මිනිසුන්ට පමණක් නොව සමස්ත කුකුළු ගොවිපල නිෂ්පාදන වලටද බරපතල ලෙස හානි කර ඇති බව වාර්තාවේ.සමාජ වෙබ් අඩවි ජාලා මත ප්‍රචාරය වූ, COVID-19 වෛරසය සුදු පැහැති මස් පරිභෝජනය ආශ්‍රයෙන් මිනිසුන් අතර පැතිරයන බවට වූ ව්‍යාජ ප්‍රවෘත්තිය හේතුවෙන් ඉන්දියානු ජනයා කුකුළු මස් සහ බිත්තර පරිභෝජනය සීමා කිරීම හේතුවෙන් මෙම තත්වය උදා වී ඇතැයි පැවසේ.
මේ හේතුවෙන් ඉන්දියානු කුකුළු ගොවීන් තම නිෂ්පාදන විකුනා ගැනීමට පමණක් නොව ගොවිපල පවත්වාගෙන යාමට අවශ්‍යය පඩිනඩි ගෙවීමටද නොහැකි තත්වයකට පත්ව ඇතැයි වාර්තාවේ. හින්දුස්ථාන් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් මහාරාෂ්ට ප්‍රාන්තයේ කුකුළු ගොවියකු පවසා සිටියේ ඔහු ඉන්දියානු රුපියල් කෝටි 5.8ක හෙවත් ඩොලර් 78200ක වටිනාකමකින් යුත් බිත්තර සහ දිනක් වයසැති කුකුළු පැටවුන් විනාශ කර දැමූ බව බවයි.
ඉන්දියාව පුරා විසිරී සිටින කුකුළු ගොවියන් මේ වන විට අමෙරිකානු ඩොලර් 800000ක පමණ කුකුළන් ආශ්‍රිත නිෂ්පාදන විනාශ කර ඇතැයි පැවසේ. ඉන්දියාව ලෝක කුකුළු මස් නිෂ්පාදනයේ හතරවන ස්ථානයේ වැජඹෙන අතර ලෝක බිත්තර නිෂ්පාදනයේ තුන්වැනි ස්ථානයට පත්ව සිටී.ව්‍යාජ ප්‍රචාරය හේතුවෙන් ඉන්දියානු ජනයාගෙන් 80%ක් පමණ කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදන පරිභෝජනයෙන් වැලකී සිටීමට පියවර ගෙන තිබේ. කර්මාන්තය ගොඩ නැංවීමට මන්ත්‍රීවරුන්,ක්ෂේත්‍රයේ නිපුනයන් සහ පශු වෛද්‍යයවරුන් ගන්නා උත්සාහය ව්‍යවර්ථ වී තිබේ.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...