ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකාවක් වන අම්බිකා සත්කුනානන්දන් මහත්මිය ගේ නම දෙමළ ජාතික සංධානයේ යාපන දිස්ත්‍රික් නාම යෝජනා ලයිස්තුවට ඇතුලත් කළ බව දෙමළ ජාතික සංධානයේ ආරංචි මාර්ග පවසයි.
කෙසේ වුවද ඇය තම කැමැත්ත මෙතෙක් ප්‍රකාශ කර නැති බවද දෙමළ සංධාන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී.සත්කුනාන්දන් මහත්මිය පසුගිය සෙනසුරාදා සිට බල පැවැත්වෙන පරිදි ඇයගේ ඉල්ලා අස්වීම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම වෙත යොමු කර ඇති බව පැවසේ. ඉල්ලා අස්වීමෙන් පසුව දෙමළ ජාතික සංධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජිකත්වය එහි නායක මාවෙයි සේනාධීර මහතා වෙතින් ලබාගත් බවද වාර්තා වේ.
දෙමළ ජාතික සංධානය යාපනය දිස්ත්‍රික්කය සඳහා වන නාම යෝජනා මේ වන විටත් සකසා අවසන් බව පැවසෙන අතර, මාවෙයි සේනාධිරාජා, එම්.ඒ සුමන්තිරන්, ඊ. සරවනභවන්, එස්. ශ්‍රී ධරන්,ඒ.දේවේන්ද්‍රම්, ඩී.සිද්ධාර්තන්,පී.ගජදීපන්, ගුරුසාමි සුරේන්ද්‍රන් සහ ශෂිකලා රවිරාජ් යන අය යාපන දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තුවට ඇතුලත් වන බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...