විදේශිකයින් වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබු On Arrival වීසා පහසුකම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අත්‍යාවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරයන්හි යෙදීමෙන් හැකිතාක් වළකින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
කොරෝනා වෛරසය රට තුළ පැතිරයාමේ අවදානම මඟහරවා ගැනීම සඳහා රජය මඟින් ගෙන යන නිරෝධායන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව, සහ ඉරානය යන රටවලින් පැමිණෙන ශ්‍රි ලාංකිකයින් සඳහා පමණක් නොව විදේශිකයින් සඳහාද අදාළ වන බවත් එම නිවේදනයේ සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...