එක්සත් ජාතික පක්ෂයේ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හට පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අනතුරු ඇගවීමක් කරමින් අද (11) දිනයේදී ලිපියක් යොමු කිරීමට පියවර ගෙන ඇත.
ඒ හරහා මහලේකම්වරයා පෙන්වා දී ඇත්තේ එළඹෙන මහමැතිවරණයේදී පක්ෂය අලියා ලකුණ යටතේ තරග වැදීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවත්, පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පක්ෂ ව්‍යවස්ථාවේ 3:3 වගන්තියට අනුව එම තීන්දු පිළිගැනීමට බැදී සිටින බවත්ය.
සියලු දෙනාම එසේ කරනු ඇති බවට පක්ෂය විශ්වාස කරනු ඇති බවත්, එසේ වුවහොත් පක්ෂ ව්‍යවස්ථාවේ 3:4 වගන්ති ප්‍රකාරව කටයුතු කිරීමට සිදු නොවනු ඇති බවත් එම ලිපිය මගින් කාරියවසම් මහතා අවධාරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...