චීනයේ වූහාන් නගරය ඇතුළු හුබෙයි පළාතෙන් කොරෝනා වෛරසයේ අවදානම ක‍්‍රමයෙන් පහව යන නිසා එහි කර්මාන්ත අරඹන ලෙස එරට බලධාරීහු අදාළ අංශවලට උපදෙස් දී ඇත.
එසේම නව කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය වූ වූහාන් නගරයේ ඉදිකර තිබූ තාවකාලික රෝහල් 16 ක් පමණ වසා දැමීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත. වෛරසයේ අවදානම ක‍්‍රමයෙන් අඩුවෙමින් පැවතීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
වෛරසය ආසාදිතවූවන් පළමුවරට සොයා ගත්තේ වූහාන් නගරයෙන් වන අතර ඉන් පසු ඉතා වේගයෙන් එම වෛරසය හුබෙයි පළාත පුරා ව්‍යාප්ත විය. මේ නිසා වූහාන් නගරය සමස්ත ලෝකයෙන්ම හුදෙකලා කිරීමට චීනය පියවර ගත් අතර වෛරසයට ලක්වූවන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා නගරය තුළ තාවකාලික රෝහල් ගණනාවක් පිහිටුවා තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...