හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 09 දෙනකු සොයා රහස් පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් හා පොලිස් බුද්ධි අංශ දැවැන්ත මෙහෙයුමක් දියත් කළද ඔවුහු හයවැනි දිනටත් පොලිස් ඇසට වැලි ගසමින් සැඟ වී සිටිති.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඊයේ (11 වැනිදා) වන විට දින 06ක් ගත වුවද, රවි කරුණානායක ඇතුළු සැකකරුවන් සැඟවී සිටීම සමාජයේ මහත් කතා බහට ලක් වී තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් බුද්ධි නිලධාරීන් ද මේ වනවිට ක්‍රියාත්මක වී තිබේ.
බැඳුම්කර වංචාවට අදාළව සැකකරුවන් ලෙස නම් කරමින් රවි කරුණානායක, අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 10 දෙනකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉකුත් 06 වැනිදා වරෙන්තු නිකුත් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...