ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් වැරදි මඟ ගොස් වැරදි තීරණ ගන්නා විට විමල් වීරවංශ මහතා හරි වෙලාවට හරි තීරණ ගත් බවත් එම තීරණ යුද්ධය ජයග්‍රහණය කිරීමට හේතු වූවා පමණක් නොව ඒ මහතාට අද රට වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කිරීමේ ඉඩකඩ ද විවර කළ බවත් බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමියෝ පැවසූහ.
අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ 50 වැනි ජන්ම දිනය වෙනුවෙන් පැවති ආශිර්වාද බෝධි පූජාව හා සෙත් පිරිත් සජ්ඣායනාව අතරතුර විශේෂ අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මෙසේ පැවසූහ.
එහි දී වැඩිදුරටත් අනුශාසනා කරමින් බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ මෙසේද සඳහන් කළහ.
“අපි දන්න විමල් වීරවංශ මහත්මයා එහෙම නැතිනම් විමල් වීරවංශ සහෝදරයා හිරේ දමලා කට වහන්න පුළුවන් කෙනෙක් නොවෙයි. එතුමා පසුගිය කාලයේ ඒ බව ඔප්පු කළා. කුමන අභියෝග, බාධක ආවත් රට වෙනුවෙන් කතා කරන්න එතුමාට ලොකු පෞරුෂත්වයක් තිබෙනවා. දේශපාලනඥයන් අතර එවැනි පෞරුෂයක් තිබෙන අය ඉන්නේ ටික දෙනයි.
එතුමා ගැන කිවහැකි බොහෝ දේ තිබුණත් මේ මොහොතේ දී මා ඉන් කිහිපයක් පමණක් සිහිපත් කිරීමට කැමතියි. මේ රටේ පැවැති ‘30 අවුරුදු යුද්ධය’ මා දකින්නේ අපේ රටට සිදු වූ බරපතළ ඛේදවාචකයක් ලෙසයි. එය අවසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිවරයා ලෙස පියවර ගනිමින් තිබුණා. වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එහි දී විශාල කාර්යභාරයකට උර දුන්නා. යුද්ධය අවසන් අදියරේ දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙන ආ අයවැයක් පරාජය කිරීමට විපක්ෂය සූදානම් වූවා. ජනතා විමුක්ති පෙරමුණත් ඊට සහාය දෙන්නයි ගියේ. නමුත් එදා ඒ පෙරමුණේ සිටි විමල් වීරවංශ සහෝදරයාගේ පෞරුෂයට හැකි වුණා ඔවුන් එම අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටින තැනට පත් කිරීමට. ඒ නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒ අයවැය ජයග්‍රහණය කළා. එහෙම කළ නිසා ආණ්ඩුව රැකුණා. අයවැය පැරදුනා නම් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යනවා. යුද්ධය අතරමග නතර වෙනවා. අද අපට උතුරේ ප්‍රභාකරන්නේ පාලනයක් දැක ගැනීමට පුළුවන් වේවි. විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් එදා ඒ විදියටයි රට රැකුණේ. ඒ සේවය විමල් වීරවංශ මහතාගෙන් සිදු වූ බලවත් සේවයක් ලෙසයි මා දකින්නේ. ඒ නිසා එය මේ මොහොතේ දී කෘතවේදීව සිහිපත් කළ යුතුයි. මේක දේශපාලන උවමනාවක් මත මා කරන ප්‍රකාශයක් නොවෙයි. අපි යුද ජයග්‍රහණයෙන් පසු අද සැබෑ නිදහසක් භුක්ති විඳිනවා. ඊට පාර කපපු නියමුවන් අතර එක් නියමුවෙක් තමයි මෙතුමා. ඒ අයුරින් තමයි මේ සිහිපත් කිරීම අපි සිදුු කරන්නේ.
ඉඳුරාගාරේ ධම්මරතන හාමුදුරුවෝ ඔබතුමන් ගැන පවත්වපු උත්සවයක දී සඳහන් කළ අදහස්වලට මම එදා සිංගප්පූරුවේ සිට සවන් දුන්නා. උන්වහන්සේ එහි දී සඳහන් කළ ප්‍රකාශය මමත් බොහෝ විට කල්පනා කළ දේවලින් සමන්විතයි. ඔබතුමා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමඟ එකතුව නිවැරදි මග යන්න හදනකොට ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු ගියේ වැරදි මගයි. ඒ නිසා ඔවුන් 3%කට ඡන්ද පදනම අඩුකරගෙන තිබෙනවා. එයාලා තවමත් හරි තීරණයක් ගත නොහකිවයි ඉන්නේ. නමුත් ඔබතුමා හරි වෙලාවට හරි තීරණය ගත්තා. එය යුද්ධය අවසන් කිරීමට හේතුවූවා. හරි තීරණය නිසා ඔබතුමා අද ජනතාවට විශාල සේවයක් කළ හැකි තැනක සිටිනවා. ඔබතුමා රටට අභිවෘද්ධියක් ගෙන ආ හැකි අවස්ථාවල දී කටයුතු කළ ආකාරය අපි අගය කරනවා.
බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් සිංහලයාට, බෞද්ධයාට සිදු වූ අසාධාරණකම් රැසක් තිබෙනවා. ඔවුන් මේ රට හැර ගියේ ඔවුන්ගේ සිතැඟි අනුව කටයුතු කරන බමුණු කුලයක් හදලයි. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ‘බමුණු කුලයේ බිඳවැටීම’ ලියැවිල්ලෙන් කියවුණේ ඒ බමුණු කුලය පිළිබඳවයි. කොහොම නමුත් ඒ බමුණු කුලය තවමත් හොල්මන් කරනවා. අදටත් සිංහලයාට, බෞද්ධයාට අසාධාරණකම් කරනවා. මේ අසාධාරණකම් ගැන කතා කරන අයට ජාතිවාදියා, ආගම්වාදියා කියනවා. ඇතැම් අය සිංහලයාට, බෞද්ධයාට බැනලා හොඳ මාක්ස්වාදීන් වෙන්න හදනවා. එහෙම බැනීම සමාජවාදීන් වීමට හොඳම මඟ කියා හිතනවා. එවැනි අවාසනාවන්ත අදහස් තිබෙන පිරිසක් සමගයි අපට වැඩ කරන්න සිදුව තිබෙන්නේ.
විමල් වීරවංශ මැතිතුමා සිංහලයාට, බෞද්ධයාට සිදුවන අසාධාරණකම් ගැන නොබියව අදහස් දැක්වූවාට කිසිඳු ලෙසකින්වත් ජාතිවාදියකු නොවෙයි. ඔහු සියලු ආගම් ඉවසන, සියලු ජාතීන්ට ගරු කරන, මේ රටේ මහ ජනතාවට සිදුවන අසාධාරණකම් ගැන හොඳ අවධානයකින් සිටින කෙනෙක්. අපි ඒ නිසයි එතුමන්ව මහා සංඝරත්නය ලෙස අගය කරන්නේ.”
මෙම ආශිර්වාද බෝධි පූජාව හා සෙත් පිරිත් සජ්ඣායනයට පූජ්‍ය කිරම විමලජෝති, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද, පූජ්‍ය දෙහිපෙ චන්දවිමල යන නා හිමිවරු ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...