එල්ල වන දෝෂාරෝපණ වර්ධනය වන හෙයින් මහ මැතිවරණයේදී වෙන්ව තරග කරන්නේද යන්න පිළිබඳව අද (12 වැනිදා) පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෝෂාරෝපණය කිරීම වර්ධනය වන තත්ත්වයක් මත පක්ෂයට ගත හැකි විකල්ප පිළිබඳ අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන බවත් මහාචාර්යවරයා කීවේය.
පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කොළඹ පිහිටි නිවසේදී අද සවස මධ්‍යම කාරක සභාව රැස් වන අතර වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්න ද ප්‍රකාශ කර ඇත්තේ පවතින තත්ත්වය මත මහ මැතිවරණයේදී වෙනම තරග කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදහස් කර ඇති බවය.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බව මැතිවරණ කොමිෂන් සභාවට මේ වන විට දැනුම් දී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානයට සම්බන්ධ සෙසු පක්ෂවලට ද තරග කිරීමට සිදුවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේය. නාම යෝජනා භාරදීමට ඇත්තේ තවත් සතියක් පමනක් වන නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නාම යෝජනා ප්‍රමාණය පිළිබඳව මෙතෙක් කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයි එම පක්ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...