ව්‍යාපාරික පුවත්

ජපන් යෙන් අගය වැඩිවීම හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන ජපන් වාහන වර්ග රැසක මිල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පෙරේරා පැවසීය.

දින කිහිපයක් තුළ ජපන් යෙන් එකක වටිනාකම රුපියල් 1.63 සිට 1.78 දක්වා වැඩිවීම හේතුවෙන් වාහනවල සී .අයි. එෆ් වටිනාකම එනම් ජපානයෙන් වාහනය නැව්ගත කරන අවස්ථාව වන විට එහි පවතින වටිනාකමෙන් 10% ක පමණ මිල වැඩිවීමක් සිදුවන බවද හෙතෙම කීය.

ඒ අනුව සුසුකි වැගන් ආර් රථයක මිල රුපියල් 1,70,000 කින්ද, ටොයෝටා පැසෝ වාහනයක මිල රුපියල් 1,60,000 කින්ද , ටොයෝටා විට්ස් වාහනයක මිල රුපියල් 2,40,000 කින්ද , ටොයෝටා ඇක්සියෝ වාහනයක මිල රුපියල් 3,75,000 කින්ද , ටොයෝටා ප්‍රිමියෝ වාහනයක සහ හොන්ඩා වෙසල් වාහනයක මිල රුපියල් 4,00,000 කින්ද, ටොයෝටා සී.එච්.ආර් වාහනයක මිල රුපියල් 4,72,000කින්ද හොන්ඩා ග්‍රේස් වාහනයක මිල රුපියල් 350,000 කින්ද මේ වසරේ මුල් භාගයේ වෙළෙඳපොළට හඳුන්වාදුන් ටොයෝටා රයිස් වාහනයක මිල රුපියල් 4,00,000 කින්ද වැඩි වන බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම වැඩිවීම්වලට සාපේක්ෂව අනෙකුත් සියලු ජපන් වාහනවල මිලද වැඩිවන බවද සභාපතිවරයා කීය. ඒ අනුව වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයන් හට මේ වන විට ප්‍රදර්ශනාගාරවල පවතින වාහන පැවති මිලටම ලබාදීමට සිය සංගමය තීරණය කළ බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More