රුසියානු ආරක්ෂක අංශ ක්‍රිමියාවේ ක්‍රියාත්මක හිස්බ්-උට්-තාහීර් සංවිධානයේ ත්‍රස්තයන්ගේ ආරක්ෂක නිවස්නයක් වටලා සංවිධානයේ සාමාජිකයන් 4දෙනෙකු අත් අඩංගුවට ගත් බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ෆෙඩරල් ආරක්ෂක සේවය ” ත්‍රස්තයන්ගේ රහස් කාමරය තුළ රැඳී සිටි ත්‍රස්තයන් හතර දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබුවා.ඔවුන් ව්‍යවස්ථා විරෝධී ලෙස ලෝක පරිමානයෙන් මහමත් තුමාගේ පරම්පරාවෙන් පැවතෙන රජුගේ රාජ්‍යය නිර්මාණය කිරීමේ කටයුතු වල නියලෙමින් සිට තිබෙනවා.ඒ සඳහා ඔවුන් ක්‍රිමියාවේ අනාගාමික රාජ්‍යයේ යම් යම් ආයතන විනාශ කරමින් නීත්‍යානුකූල ආණ්ඩුව ආයුධ බලයෙන් පෙරලා දැමීමේ කටයුතු සංවිධානය කිරීමට උත්සුක වෙමින් සිටි බවට කරුණු අනාවරණය වූවා.” යැයි පවසා සිටිනවා.
අදාල කාමරය තුළ නිරන්තරයෙන් රහස් සාකච්ඡා පවත්වා ඇති අතර ක්‍රිමියාවේ මුස්ලිම් ජනයා ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට එක් කර ගැනීම වෙනුවෙන් ප්‍රචාරක කටයුතු පවා සිදුකර ඇති බව අනාවරණය කර ගැනීමට ෆෙඩරල් ආරක්ෂක සේවය සමත්ව ඇත.එහිදී ක්‍රිමියාවේ තහනම් කර ඇති ප්‍රකාශන රාශියක් සොයා ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...