දේශීය පුවත්

පක්ෂ විනය කඩකිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පක්ෂයෙන් නෙරපීමට අද (12දා) තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

ඊයේ සවස රැස්වූ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බවත්, පක්ෂ විනය කඩ කිරීමේ චෝදනා මත මෙම පිරිස් පක්ෂයෙන් නෙරපීමට තීරණය කළ බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

වෙනත් පක්ෂ ප්‍රවර්ධනයට කටයුතු කිරීම, පක්ෂය විවේචනය කිරීම, පක්ෂයේ වැඩ කටයුතුවලට සහයෝගය නොදැක්වීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් මෙම කණ්ඩායමට හා තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.

මෙම චෝදනා මත මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ඒ.එච්.එම්. ෆවුසි මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත් අතර, එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙකුටද චෝදනා එල්ල වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More