මුහුණු පොතෙන්

“උඹලට අවුරුද්ද පුරාවටම අව්ව.. මේක කොච්චර වටින සම්පතක් ද..? ඒත් ගෙවල් සීයක් ගත්තොත් දෙක තුනකට වඩා “සෝලා” පැනල දකින්න නෑ..”

“අපේ රටේ මේ වගේ අව්ව සැරට නෑ.. ඒත් හැම වහලයකම “සෝලා” පැනල දාලා තියෙනවා..

“මම ජර්මන් ජාතිකයෙක්.. මේ ලංකාවට ආපු හත්වැනි වතාව.. මගේ ජර්මනියේ ගෙදර 10Kw පැනල දාලා තියෙනවා.. අවුරුද්දටම හැදෙන්නේ solar unit 6000 ක් විතර. මම ලංකාවේ පොඩි හෝටලයකට ආයෝජනය කරලා තියෙනවා.. ඒකෙ තියෙන 10Kw solar system ඒකෙන් පහුගිය අවුරුද්දකට solar unit 14 000 (Kwh) හැදිලා තිබුණා.. දෙගුණයකටත් වැඩියි..!!

“අපේ රටේ solar කරන්න ගියාම ලොකුම බාධාව ආවේ සාම්ප්‍රදායික පොසිල ඉන්ධන වලින් Energy Generate කරන කොම්පැණිකාරයින්ගෙන්.. ඒත් ඒකට අපේ නායකත්වය හොඳින් මුහුණ දුන්නා.. ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත්තා.. දැන් ඒ ආයෝජන වල ප්‍රතිලාභ අපි අත්විඳිනවා.. මිනිස්සුන්ට රැකියා ලක්ෂ ගාණක් බිහි වෙලා.. Grid Feeding/Net Metering කියන මේ වැදගත් සංකල්පය ලෝකෙට හඳුන්වා දුන්නේ අපි…”

“අපිට solar වලට කරන ආයෝජනයක් කල් පිරෙන්න අවුරුදු 8-10 යනවා.. ඒත් උඹලාට අවුරුදු 4 න් මේක recover වෙලා.. 20% return එකක් !!! මට තේරුම් ගන්න බැරි, උඹටගෙ රට පාලනය කරන මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බැරි ඇයි කියන එක..”

“උඹට ඩොලර් මිලියන ගණන් වියදම් කරලා, තෙල් ගල් අඟුරු නැව් පිටින් ගෙනත්, දුම් දාගෙන වාහන එන්ජින් දුවනවා.. විදුලිය නිපදවනවා.. මේ ලස්සන පරිසරය විනාශ කරගන්නවා.. මේ නොමිලයේ ලැබෙන හිරුඑළිය ප්‍රයෝජනයට ගන්න උත්සාහ වෙන්නේ නෑ.. මෙහෙම ගියොත් මේ රටේ බලන්න ලස්සනක් ඉතිරි වෙන එකක් නෑ..”

“උඹල නායකයෝ විදියට පත්කරගෙන තියෙන්නේ, රට ගොඩනඟන්න පුළුවන් දැක්මක් තියෙන මිනිස්සු පිරිසක් නෙවෙයි.. මහ මෝඩ පිරිසක්.. උඹල ගේ දරුවෝ සාප කරාවි දවසක. ”

උපුටා ගැනීම මුහුණු පොතෙන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More