දේශීය පුවත්

අගමැතිය මහින්ද රාජපක්ෂ මහතා මෙවර ඡන්දයට ඉදිරිපත් නොවිය යුතු බවත් ඔහු පාර්ලිමේන්තු දේශපාලනයෙන් විශ‍්‍රාම ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට පාලනය කරගෙන යාමට අවස්ථාවක් දී මහින්ද රාජපක්ෂ මහතා දැන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගත යුතු බවද උන්වහන්සේ පැවසූහ.

කොළඹදී පැවති විජය ධරනී ජාතික සභාවේ මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පලකරන ලදී.

පොදු ජන පෙරමුණේ නායකයා ලෙස තවදුරටත් දේශපාලනයේ යෙදීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි බවද පැවසූ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අලුත් නායකයෙකු ලෙස කටයුතු කරන්නට ඉඩ දී මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විත දේශපාලනයක නිරතවීමට පොහොට්ටුවේ නායකයා පමණක් වීමට කටයුතු කළ යුතු බවද පැවසූහ.

ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්පාක්ෂික ජනාධිපතිවරයකු කර පැත්තකට කර දැමීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පැවසූ උන් වහන්සේ දෙවරක් ජනාධිපතිකම් දැරූ මහින්ද රාජපක්ෂ මහතා නැවතත් කුරුණෑගල ගොස් ඡන්දය ඉල්ලීමේ කිසිදු උවමනාවක් දැන් නැති බව ද කීහ.

ඉදිරියේ බේබිලා රජ කරවීමට සූදානම් නැතැයිද පැවසූ උන්වහන්සේ පරණ සෙල්ලම නැවත ක්‍රියාත්මක වන්නේ නම් මෙම ආණ්ඩුව සමග කිසිම සම්බන්ධතාවයක් පැවැත්වීමට තමන් වහන්සේ සූදානම් නැති බව ද රතන හිමියෝ වැඩිදුරටත් අවධාරණය කර සිටියහ.

පොජපෙ නායකත්වය ගෝඨාට ! අද කළ යෝජනාව මෙන්න

පොජපෙ නායකත්වය ගෝඨාට ! අද කළ යෝජනාව මෙන්න

Gepostet von Hiru News am Donnerstag, 12. März 2020

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More