ප්‍රංශය තුළCOVID-19 වෛරසය පැතිරීම පාලනය කරනු වස් සියලුම පාසල් සහ විශ්ව විද්‍යාල එළඹෙන සතියේ සිට වසා දැමීමට කටයුතු කරන බවත් ප්‍රංශ දේශ සීමා වසා දැමීමට ඉදිරිපත් වී ඇති යෝජනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රේන් පවසයි. COVID-19 වෛරසය ප්‍රංශය තුළ පාලනය කිරීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින්”COVID-19 වෛරසයට විදේශ ගමන් බලපත්‍ර නැහැ. තත්වය පාලනය කිරීමට තර්කානුකූලව අවශ්‍යයතාවයක් පැන නගින්නේ නම් පමණක් අප ප්‍රංශ දේශ සීමාවන් වසා දැමීමට කටයුතු කරනවා.” යැයි පැවසුවේය.
කෙසේ වුවත් ප්‍රංශ ජනාධිපතිවරයා සියලුම ප්‍රංශ ජනයාගෙන් ඉල්ලා සිටින්නේ හැකි තරම් විදේශ ගමන් සීමා කරන ලෙසයි.එසේම වැඩිහිටියන් සහ අබාදිතයන් හැකිතරම් හුදකලාව තැබීමට කටයුතු කරන ලෙසද ඔහු ප්‍රංශ ජනයාගෙන් ඉල්ලා සිටියේය.
ඔහු ලෝක ජනයා තුළ බලාපොරොත්තු දල්වමින් පවසා සිටියේ යුරෝපයට COVID-19 වෛරසය මර්ධනය කිරීමට අවශ්‍යය ඖෂධ නිපදවා ගැනීමට හැකියාව ඉදිරි කාලයේදී ලැබෙනු ඇති බවයි.කෙසේ වුවද ප්‍රංශයේ විපක්ෂ දේශපාලඥයන් විශේෂයෙන්ම සමාජවාදි පක්ෂවල දේශපාලඥයන් පවසා සිටින්නේ මැක්‍රේන් හට මනුෂ්‍යත්වය වෙළෙඳ පොලට වඩා විශාල බව හඳුනා ගැනීමට “ලෝක අර්බූදයක්” ඇති වන තෙක් බලා සිටීමට සිදුව ඇති බවයි.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
#Macron admits that in weeks or months to come that borders may have to close #CoronavirusPandemic #France pic.twitter.com/yKLBXqqhnJ
— Annette Young (@AnnetteF24) March 12, 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...