වගකීම් විරහිතව ක‍්‍රියාකිරීම තුළින් රටක් වශයෙන් ප‍්‍රශ්න රැුසකට මුහුණ දීමට සිදුවිය හැකි බැවින් ජාතික වගකීමක් ලෙස සලකා කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ලෝකයේ ප‍්‍රධාන පෙළේ රටවල් රැසක් පාලනය කළ නොහැකි අන්දමින් කොරෝනා වෛරසය ව්‍යාප්තියට මුහුණ දෙමින් සිටින බවත්, මේ තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කිරීමට ක‍්‍රියාත්මක කර ඇති නිරෝධායන ක‍්‍රියාවලියට සියලූ දෙනාගේ සහාය අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
කොරෝනා වෛරසය ලෝකයේ රටවල්වලට ව්‍යාප්ත වීම සැලකිල්ලට ගෙන සෞඛ්‍ය ඇතුළු සියලූ ක්‍ෂේත‍්‍ර ඒකාබද්ධ කර ගනිමින් විධිමත් හා සැලසුම් සහගතව ක‍්‍රියා කිරීම හේතුවෙන් අප රටට කොරෝනා වෛරසය ඇතුළුවීම වළක්වා ගැනීමට හැකි වූ බවත්, එම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට රජය ගෙන යන නිරෝධායන ක‍්‍රියාවලියට සහ සෙසු ක‍්‍රියාමාර්ගයන්ට සියලූ පාර්ශ්වයන්ගේ පූර්ණ සහාය අවශ්‍ය බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එසේම කොරෝනා වෛරසය ව්‍යාප්තව පවතින රටවල්වල සිට යළිත් මෙරටට පැමිණෙන සියලූම දෙනා රටේ සමස්ත ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් නිරෝධායන ක‍්‍රියාවලියට සම්බන්ධ වන ලෙසත්, අනිකුත් රටවල්වල සිට පැමිණෙන අය නිවසේ සිටම නිරෝධායනය වෙමින් මීට සහාය වන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉල්ලීමක් කළේය.
මේ අතර නැවත දැනුම් දෙන තුරු ඔන්ඇරවල් වීසා අත්හිටුවීමටත්, කිසිදු හිඟයකින් තොරව ඖෂධ වර්ග සූදානම් කර තබා ගන්නා ලෙසටත්, පරීක්‍ෂණ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් විධිමත් කිරීමට පියවර ගන්නා ලෙසටත් ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කොරෝනා වෛරසය මෙරට තුළ පාලනය කිරීම සඳහා ඉදිරියට ගතයුතු තීන්දු තීරණ සම්බන්ධයෙන් අදාළ ක්‍ෂේත‍්‍රවල ප‍්‍රවීණයන් සහ විශේෂඥයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පෙරේදා (11 වැනිදා* පැවති හමුවකදී ජනාධිපතිවරයා එසේ ප‍්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...