ඇතිවී තිබෙන ගෝලීය වසංගත තත්වය හමුවේ සංචාරක ආදායම් මාර්ග ගැන නොසිතා සංචාරකයන්ගේ පැමිණීම සීමා කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජාතික සංවිධාන එකමුතුව බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඊයේ (12) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කර සිටියේය.
සංචාරක හෝටල් හිමියන්ගේ අවවාද පිළි නොගෙන රටේ සහ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සංචාරකයන්ගේ පැමිණීම සීමා කිරීම සඳහා කඩිනමින් නියෝග නිකුත් කළ යුතු බවත් මේ වන විට ඇමෙරිකාව ඇතුළු කලාපීය රටවල් මෙම තීන්දුව ගෙන ඇතිබවත් ඔහු අවධාරණය කර සිටියේය.
වීඩියෝව පහතින් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...