දේශීය පුවත්

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.

රවී කරුණානායක , අර්ජුන් ඇලෝෂියස් ඇතුළු සිවුදෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සමක් මේ වනවිට අධිකරණය හමුවේ සැලකිල්ලට ගනිමින් පවතියි.

එමෙන්ම අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතාද අධිකරණය හමුවට පැමිණ සිටියේය.

================================================
සැඟව සිටි රවී අධිකරණයට එයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇත.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.

එසේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කරනු ලැබුවේය.

==============================================================
රවීගේ ඉල්ලීම ඉවතට… අද හවස 4ට පෙර අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග නිකුත්කෙරෙයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

එසේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කරනු ලැබුවේය.

එසේ අද(13) පස්වරු 4 ට පෙර අධිකරණයට ඉදිරිපත් නොවන සැකකරුවන් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති වරෙන්තුව ට අනුව ක්‍රියාත්මක වීමට නීතිපතිවරයාට අවකාශ සැලසෙන බවද එම තීන්දුව තුලින් සඳහන් වුණි.

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කරන ලෙස ඉල්ලා රවී කරුණානායක මහතා, අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් අද යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන මහත්වරු විසින් මෙම නියෝගය කළේය.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 17 වනදා තෙක් කල් තැබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More