දේශීය පුවත්

රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර නැවත දිවයිනට පැමිණ තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමේ අරමුණෙන් ඔහු පැමිණෙන බවට මාධ්‍ය වාර්තා පළ විය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කිරීමට ඔහු සුදානම් වී ඇති අතර ඊට පොදු ජන පෙරමුණේ ප්‍රබලයෙකුගේ විරෝධය එල්ලවී ඇතිබවටද වාර්තා පළ වෙමින් තිබේ.

ඒ අනුව කොළඹින් තරග කරන ලෙස ඔහුට පොදුජන පෙරමුණ සඳහන් කළ ද ගම්පහ ලබාදෙන ලෙස විදෙස් ගත වීමට පෙර ඔහු ඉල්ලීමක් කර ඇත.

මේ අතර තමන් ජාතිකත්වය සහ මව්බිම පිළිබඳ මතවාදය මුල් කරගෙන ශ්‍රී ලංකාවේ ඉදිරි දේශපාලන කටයුතු වල නියැලීමට බලාපොරොත්තු වන බව උවිදු විජේවීර මහතා පවසයි.

තමන් රට වෙනුවෙන් යම් දෙයක් කළ යුතු බව සිතන අතර, ඒ සදහා තම තරුණ ජවය සහ ශක්තිය දායක කර ගනිමින් මේ වනවිට ඒ සදහා අවංක සුදුසු දේශපාලන ධාරාවක් තෝරා ගන්නා බවද ඔහු පවසයි.

“මට මේ සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් හෝ පෙරටුගාමී පක්ෂයෙන් ආරාධනා ලැබී නැහැ. මට ජනතා විමුක්ති පෙරමුණේ අයිතියක් නැහැ. ඒක තාත්තා හදපු ඒ පක්ෂයේ හැටි.

මම දින තුනකට රුසියාවට ගියා. මම ඒ රටේ ජාත්‍යන්තර ශිෂ්‍ය සංගමයේ සභාපති. මම ඒ වැඩවලට ගියේ. මම රුසියාවට යෑමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් හමු වී සාකච්ඡා කළා. මට මේ මොහොතේ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව යම් පැහැදීමක් තිබෙනවා. ඔහු යම් සාධනීය වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ නිසා මට ඒ පිළිබඳව යම් හැගීමක් ඇති වී තිබෙනවා.” ” යැයි ද උවිදු විජේවීර සඳහන් කළා.

උවිඳු විජේවීරගේ බලාපොරොත්තුව ?

උවිඳු විජේවීරගේ බලාපොරොත්තුව ?

Gepostet von Hiru News am Donnerstag, 12. März 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More