දේශීය පුවත්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මෙම මස 15 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාවේ සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කර සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම තීරණයට එළඹී බවයි.

මේ වනවිටත් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල් සඳහා මෙම තහනම පනවා ඇති අතර එම තහනම හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.

ඒ අනුව ලබන 15 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසුව එම රටවල්වල සිට කිසිදු පුද්ගලයෙකුට මෙරටට ඇතුළු වීමට ඉඩ ලබානොදෙන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More