ප‍්‍රධාන පුවත්

යම් කිසි වසංගත රෝගයක් පැතිරී යාමේදී හමුවන පළමුවන රෝගියාට රෝගය බෝවූයේ කෙලෙසෙද කාගෙන්ද යන්න සොයා බැලීමේදී ”
zero patient හෙවත් ශුන්‍යය රෝගියා හෙවත් රෝගය රැගෙන ආ පුද්ගලයා සොයා යාම වසංගත රෝග මර්ධනයේදී වෛද්‍යය විද්‍යාවේ කරනු ලබන ක්‍රම වේදයකි. ඒ අනුව චීනය වුහාන් ප්‍රදේශයට COVID-19 වසංගතය පැතිර වූ “ශුන්‍යය රෝගියා” සෙවීමේ කටයුතු කරමින් සිටී.

ඒ අනුව චීන විදේශ අමාත්‍යයාංශයේ ප්‍රකාශකයෙකු වන ලිජියාන් සාවෝ මහතා පවසා සිටින්නේ COVID-19 වෛරසයේ සම්භවය පිළිබඳව අමෙරිකාව කරුණු කාරණා සඟවා සිටින බැවින් ඒවා හෙලිදරව් කළ යුතු බවයි. තවද ඔහුගේ අදහස් දැක්වීමට අනුව වුහාන් ප්‍රදේශයට COVID-19 වෛරසය රැගෙන ඒම අමෙරිකානු සොල්දාදුවන් විසින් කර ඇති බවට සැක සිතෙන තරම් කාරනා හමුවී ඇති බවයි.

අමෙරිකාවේ රෝග පාලනය කිරීමේ සහ වැලැක්වීමේ මධ්‍යස්ථානයේ ( Centers for Disease Control and Prevention – CDC) අධ්‍යක්ෂක රොබර්ට් රෙඩ්ෆීල්ඩ් මහතාගේ මාධ්‍යය සාකච්ඡාවක වීඩියෝවක් උපුටා දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටී.වැඩිදුරටත් මෙම වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වන ලිජියාන් සාවෝ මහතා ප්‍රකාශ කර සිටින්නේ, රොබර්ට් රෙඩ්ෆීල්ඩ් මහතා නිකුත් කළ වීඩියෝවෙන් COVID-19 අත්හදා බැලීමට පෙර අමෙරිකාව තුළ වෛරසය ආසාදනයෙන් මරණ ගනනාවක් සිදුව ඇති බවට කරුණු අනාවරණය වූ බවයි. ඒ අනුව දැන් අමෙරිකාව වෙනුවෙන් පෙනී සිටින ආරක්ෂකයන් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ යුතු බව තම ට්වීටර් පණිවිඩයෙන් කියා සිටී.

“වසංගතය වූහාන් ප්‍රදේශයට රැගෙන ආවේ අමෙරිකානු සොල්දාදුවන් විය හැකියි.අමෙරිකාවේ රෝග පාලනය කිරීමේ සහ වැලැක්වීමේ මධ්‍යස්ථානය විනිවිදභාවය ප්‍රදර්ශනය කිරීමට සූදානම් නම් දැන් කළයුතු වන්නේ “ශුන්‍යය රෝගියා” හමුවූයේ කවදා කොතැනින්දැයි නිශ්චිතවම ප්‍රකාශ කිරීමයි.” යනුවෙන් තම ට්වීටර් පණිවිඩයෙන් වැඩිදුරටත් අවධාරනය කර සිටී.

රොබර්ට් රෙඩ්ෆීල්ඩ් මහතා එළි දැක්වූ විඩියෝ පටයෙන් අමෙරිකානු වෛද්‍යයවරු COVID-19 වෛරසය ආසාදිත රෝගීන් ඉන්ෆ්ලුවෙන්සා උන රෝගීන් ලෙස වරදවා වටහාගත් බවත් ඒ වන විට අමෙරිකානු වෛද්‍යය අංශවලට නිශ්චිත පර්යේෂණ ක්‍රමවේදයක් COVID-19 වෛරසය හඳුනාගැනීමට නොතිබූ බවත් පවසා සිටී.එහෙත් රොබර්ට් රෙඩ්ෆීල්ඩ් මහතා මෙම රෝගීන් හමුවූවේ කවදාද කොතැනකදීද යන්න නිෂ්චිතව පැවසීම මග හැරයමින් “සමහර රොගීන් සොයාගනු ලැබුවා” වැනි අවිද්‍යාත්මක පැහැදිලි කිරීම් කරනු ලබන බව වීඩියෝව නැරඹීමෙන් තහවුරු වේ.

රොබර්ට් රෙඩ්ෆීල්ඩ් මහතාගේ කරුණු දැක්වීම තුළ කිසිවිටකත් රෝගීන්ගේ මරන සිදුවූ කාල රේඛාව පිළිබඳව කිසිවක් සඳහන් නොකිරීමට පරෙස්ම් වී තිබුනි.ලිජියාන් සාවෝ මහතා,රොබර්ට් රෙඩ්ෆීල්ඩ් මහතාගේ විඩියෝවේ නොකියන කරුණු හාරා අවුසමින් තර්ක කරනු ලබන්නේ සෑම වසර හතරකට වරක් වුහාන් නගරයේ පැවැත්වෙන ලෝකයේ හමුදා නිළධාරීන්ගේ ක්‍රීඩා උළෙලට අමෙරිකානු හමුදා නිළධාරීන් 300 දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් 2019 ඔක්තෝබර් මාසයේදී සහභාගි වූ බවත් ඔවුන් නික්ම ගොස් සති කිහිපයකින් එනම් 2019 දෙසැම්බර් මාසයේදී වුහාන් ප්‍රදේශය වසංගත තත්වයක් ඇති බවට ප්‍රකාශයට පත් කළ බවත්ය. COVID-19 වෛරසය චීනයේ පැතිරීම සම්බන්ධයෙන් අමෙරිකාවට චෝදනා කරන පළමුවන ඉහළම මට්ටමේ දේශපාලඥයා ලිජියාන් සාවෝ මහතා නොවන අතර මීට පෙර මලයාසියාවේ හිටපු ජනාධිපති මහතීර් මොහොමඩ් මහතාගේ ආන්ඩුවේ අගමැතිවරයා වූ මත්තියාස් චැන්ග් මහතාද පවසා සිටියේ අමෙරිකාව චීනයට එරෙහිව ජෛව විද්‍යාත්මක අවි භාවිතා කර ඇති බවයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

මූලාශ්‍ර www.rt.com/news



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More