පුරවැසි කොලම

සයින්දමරුදු නාගරික කොට්ඨාශය කල්මුණේ මහනගර සභාවෙන් බෙදා වෙන්කොට වෙනම නගරසභාවක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සඳහා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ගනු ලැබූ තීන්දුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් ආපසු හැරවීම යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බව සාමාන්‍ය ජනතාව විසින් තේරුම්ගෙන ඇත්ද යන්න සැක සහිතය. එසේ වුවත් එම තීන්දුව හේතු දෙකක් මත ඉතා සුවිශේෂී බව මහජනයා විසින් පිළිගනු ඇත. පළමවැන්න තම කණ්ඩායමේ සඟයෙකු විසින් කරන ලද වරදක් නිවරදි කිරීමට දෙවරක් නොසිතා සෘජු තීන්දුවක් ගැනීම මගින් පෙන්වන ලද උසස් නායකත්ව ගුණයයි. දෙවැන්න එසේ තීන්දු ගැනීමේදී කෙටිකාලීන දේශපාලන වාසි හෝ අවාසි මත මානසික බාධක පනවා ගැනීමකින් තොරව දීර්ඝකාලීන වැදගත්කම අවබෝධකොට ගෙන ක‍්‍රියා කිරීමය. කෙසේ වෙතත් සයින්දමරුදු ප‍්‍රදේශයේ ජීවත්වන සාමාන්‍ය ජනතාවට වැදගත් නොවන හෝ අවාසිදායක ඉල්ලීමක් පිළිබඳව ප‍්‍රාදේශීය දේශපාලන නායකයින් දැඩි උනන්දුවක් දක්වන්නේ කුමක් නිසාදැයි සමාජයේ සාකච්ඡුාවට ලක් වූයේ නැත. මෙම ලිපියේ අරමුණ එම අඩුව පිරවීමය.

‘‘මා අවදිව සිටින විට මගේ ජනතාව නින්දේ පසු වෙති – යම් දිනයක මා ගැඹුරු නින්දේ පසුවන විට ඔවුන් අවදිවනු ඇත. එම්.එච්.එම්. අශ්රෝප් මහතා විසින් එම ප‍්‍රකාශය කරනු ලැබුවේ 2000 වසරේ ඔහු අභිරහස් ලෙස ගුවන් අනතුරකින් මිය යෑමට බොහෝ කලකට පෙරය. ඔහු විසින් 1986 දී නිර්මාණය කළ මුස්ලිම් කොංග‍්‍රසය නම් වූ ආගම මත පදනම් වූ දේශපාලන පක්ෂයේ ප‍්‍රධාන ලේකම් හුසේන් අලී මහතා 2016 ජනවාරි 10 ඉරිදා ‘ඉරිදා ඔබ්සවර්’ පත‍්‍රයට ප‍්‍රකාශයක් කරමින් මෙසේ පවසා ඇත. ‘‘අපගේ පක්ෂයේ නිර්මාතෘවරයාගේ දර්ශනය අනුව මුස්ලිම් ජනතාව සඳහා වන බලය බෙදීමේ එ්කකය පිළිබඳ අප ව්‍යවස්ථා සභාවට යෝජනා ඉදිරිපත් කරනු ඇත. එම එ්කකය උතුරු සහ නැගෙනහිර පළාත්වල මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන ප‍්‍රදේශ එකතු කරන ‘ප‍්‍රත්‍යාසන්න නොවන මුස්ලිම් බල ඒකකයකි. :් භදබ ක්‍දබඑසටමදමි ඵමිකසප ක්‍දමජසක* ‘‘ එ් අතර මුස්ලිම් කොංග‍්‍රස් පක්ෂයේ් සභාපති සේගු ඩාවුඞ් මහතා විසින් 2016 පෙබරවාරි 20 දින කාන්තන්කුඩි නගරයේදී පැවති රුළියකදී තම ජනතාවට ප‍්‍රත්‍යාසන්න නොවන මුස්ලිම් පළාත් සභාවක් අවශ්‍ය බවට රජයට බලකරනු ලැබීය.

අෂ්රෝප් මහතා ආරම්භයේ සිටම තමාගේ ‘මුස්ලිම් රාජ්‍ය’’ සංකල්පය සාධාරණීකරනය කරනු ලැබුවේ ද්‍රවිඩ එක්සත් විමුකිති පෙරමුණ පක්‍ෂයේ ඉල්ලීම මත උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ පළාත් සභාවක් ඔවුන්ට ලබා දෙනවා නම් මුස්ලිම් ජනතාවට වෙනත් විකල්පයක් නොමැත යන තර්කය ඉදිරිපත් කරමිනි. එහෙත් 1977 දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පක්‍ෂයේ අපේක්ෂකයකු වූ ඒ.එම් සම්සුදින් මහතා එම පක්‍ෂයේ වඩුකොඬේයි සම්මුතිය අනුව වෙනම රාජ්‍ය සංකල්පය පිළිගනිමින් රැුස්වීම් පවත්වන විට කලූමුනේ නගරයේදී පැවැත් වූ රැුස්වීමක දී අෂ්රොෆ් මහතා එම වේදිකාවේදී මෙසේ පැවසූ බව මාධ්‍යවේදී එම්.එස්.එම්. අයුබ් මහතා පවසයි. ‘‘වැඩිමහල් සොහොයමුරු අමිර්තලිංගම් උඹලාට ඊළාම් ලබාදීමට අසමත් වුවහොත් බාල සොහොයුරු අෂ්රොෆ් විසින් එය නුඹලාට ලබාදෙනු ඇත‘‘. කෙසේ වෙතත් මුස්ලිම් කොංග‍්‍රසය නිර්මාණය කිරීමෙන් පසුව ඔහු දෙමළ ඊළමට සහාය පළ කළේ නැත. ඒ වෙනුවට දෙමළ ඊළාම් සටනෙ ප‍්‍රතිඵලයක් උතුරු සහ නැගෙනහිර පළෘත් ඒකාබද්ධ කරන්නේ නම් මුස්ලිම් ජනතාවට දකුණු නැගෙනහිර නමින් වෙනම පළාත් සභාවක් අවශ්‍ය බවට ඉල්ලීමක් ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව 1988දී ඔහු සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රසය සම`ග කල්මුනේ, පොතුවිල් සහ සමන්තුරේ යන ඡුන්ද කොට්ඨාස ඇතුළත් දකුණු නැගෙනහිර මුස්ලිම් පළාත් සභාවක් පිළිබඳව එක`ගතා ගිවිසුමකට අත්සන් කරනු ලැබීය.

කෙසේ වෙතත් 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී ඉන්දියානු විදේශ අමාත්‍ය නරසිංහ රාවෝ මහතා සම`ග සාකච්ඡුාවක් හෝ ලබාගැනීමට අෂ්රොෆ් මහතාට කේවල් කිරීමේ බලයක් නොතිබුණි. නමුත් 1988 පැන නැගුණු තත්වයන් යටතේ ඔහුගේ මුස්ලිම් රාජ්‍ය සංකල්පය පිළිගන්නා ලෙස ජනාධිපති අපේක්ෂිකා බබ්ඩාරනායක මැතිනියගෙන් ඉල්ලා සිටීමට ඔහුව දේශපාලන අවකාශයක් ලැබුණද එම දේශපාලන සන්ධානය යථාර්ථයක් බවට පත් නොවීය. නමුත් 1990 දී කුඩා දෙමළ පක්‍ෂ 8ක් සමග දෙමළ සහ මුස්ලිම් පළාත් සභා දෙකක් සහ ඒ දෙක එකට එකතු කරන උත්තර සභාවක් පිළිබඳ එක`ගතාවකට පැමිණිමට අෂ්රොෆ් මහතා සමත් විය. 1997 දී ඔහු ෆෙඩරල් ව්‍යවස්ථාවකට එක`ගවන අතර ඔහුගේ මරණයට පෙර 2000දී චන්ද්‍රිකා මැතිණිය විසින් ඉදිරිපත් කළ ෆෙඩරල් ව්‍යවස්ථාව හෙවත් ‘පැකේජය’ ආරක්ෂා කිරීමට ඔහු ප‍්‍රබලලෙස ඉදිරිපත් විය. ඊට හේතුව ‘මුස්ලිම් කවුන්සිල්’ යෝජනාව ඇය විසින් පිළිගනු ලැබීමය. අෂ්රෝෆ් මහතාගේ මරණයෙන් පසුව මුස්ලිම් කොන්ග‍්‍රසයේ බලය තහවුරුකරගත් රාවුෆ් හකීම් මහතා තම නායකයාගේ සටන් පාඨය ඉදිරියට ගෙන යනු ලැබූ බව රහසක් නොවේ.

මුස්ලිම් බෙදුම්වාදී ඉල්ලීම් හෙවත් මුස්ලිම් ස්වරාජ්‍ය සංකල්පය න්‍යායාත්මකව තහවුරු කිරීම සඳහා මුස්ලිම් කොන්ග‍්‍රසයට ඍජුව සම්බන්ධ නැති මතවාදීව අන්තවාදී කොටස් ප‍්‍රභල භූමිකාවක් ඉටු කරනු ලැබීය. දකුණු නැගෙනහිර විශ්ව විද්‍යාලය එම ක‍්‍රියාවලියේ තෝතැන්නක් විය. ‘ජනවාර්ගික ගැටළුව පිළිබඳ මුස්ලිම් ස්ථාවරය’ නමින් 2002 අපේ‍්‍රල් 13 දින පැවැත්වූ සමුළුව සහ 2003 ජනවාරි 29 දින පැවැත්වූ ‘‘මුස්ලිම් ජාතික නැගීසිටීමේ සමුළුව’’ හෙවත් ඹළුවිල් සම්මුතිය මගින් මුස්ලිම් ස්වරාජ්‍ය සංකල්පය ඉහළට ඔසවනු ලැබීය. ඔළුවිල් සමුළුවට මුස්ලිම් කොන්ග‍්‍රසයේ ආශිර්වාදය ලැබුණු බව සහ ඊට මුස්ලිම් තරුණයින් 35,000 සහභාගී වූ බව මෙන්ම ඔවුන් ‘අල්ලාහු අක්බර්’ හ`ඩ නගමින් පෙලපාලියක්ද පැවැත් වූ බව ද සන්ඬේ ලීඩර් වෙබ් අඩවිය විසින් 2003/02/9 දින වාර්තා කරනු ලැබීය. උතුරු නැගෙනහිර මුස්ලිම් බහුතර ප‍්‍රදේශ ඇතුලත්වන දේශපාලන බල ඒකකයක් පිහිටුවීම සහ මුස්ලිම් ජනතාවගේ ස්වයං තීරණ අයිතිය ආදී ඉල්ලීම් පහක් ඔලූවිල් සම්මුතිය තුළ අන්තර්ගත විය. එම ස්වයං පාලනය සහිත බල ඒකකය හෙවත් මුස්ලිම් රාජ්‍යය දකුණු නැගෙනහිර මුස්ලිම් කවුන්සිලය ලෙස හැදින්වූ අතර ඊට ‘‘ප‍්‍රත්‍යසන්න නොවන හෙවත් .භදබ ක්‍දබඑසටමදමි. යන විශේෂණ පදයක්ද එකතු කරනු ලැබීය.

එහිදී ‘‘ප‍්‍රත්‍යසන්න නොවන’’ යන හැඳින්වීම අවශ්‍ය වන්නේ ‘‘ප‍්‍රත්‍යසන්න භූගෝල්ීය එ්කකයට හෙවත් එකට බැඳී ඇති භූමි ප‍්‍රදේශයකට ‘‘ප‍්‍රත්‍යසන්න නොවන උතුර සහ නැගෙනහිර පළාත්වල පිහිටි වෙනත් මුස්ලිම් බහුතර බල ප‍්‍රදේශය එකතු කොට එම බල එ්කකය නිර්මාණය කිරීම නිසාය. එ් අනුව අම්පාර දිස්ත‍්‍රික්කයේ පොතුවිල්, සමන්තුරේ සහ කල්මුණේ යන මැතිවරණ කොට්ඨාස මුල්කරගෙන මඩකලපු දිස්ත‍්‍රික්කයේ කාන්තන්කුඩි ඔට්ටමාවඩි වාලච්චේන සහ එරාවුර් යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ කින්නියා, මුතුර්, තඹලගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙන්ම මන්නාරම් දිස්ත්රික්කයේ මුසාලි සහ එරුක්කලම්පිටි යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස එම ‘‘ප‍්‍රත්‍යසන්න මුස්ලිම් බලය එ්කකයට අයත් වේ. ඇත්ත වශයෙන්ම මෙම මතවාදය ඉහලට ගෙන ඒමට ප‍්‍රබල භූමිකාවක් ඉටුකරනුු ලැබුවේ ‘ඊස්ට් සිලෝන් මුස්ලිම් ෆර්න්ට්’ නම් වූ සංවිධානය වුවත්් එය බලවත් ලෙස දේශපාලනීකරණය කරනු ලැබුවේ මුස්ලිම් කොංග‍්‍රසය විසිනි. රැුඩිකල් මුස්ලිම් තරුණ කොටස් අතර ජනප‍්‍රිය වූ එම බෙදුම්වාදී මතවාදය නිසා එදා 1994 සහ 1998 මහ මැතිවරණ වලදී ඔවුන්ට තම බල ආධිපත්‍ය තහවුරු කරගැනීමට අවස්ථාව ලැබුණි.

එ අනුව ඉහත සඳහන් කළ ආකාරයට මුස්ලිම් රාජ්‍ය සංකල්පය චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් පිළිගන්නා තත්ත්වයක් ඇති කිරීමට අෂ්රොෆ් මහතා සමත් විය. එම යෝජනා 2006 මූතුර් ප‍්‍රකාශය මගින් තවදුරටත් තහවුරු කෙරුණු අතර එම වසරේදී මහින්ද රාජපක්ෂ රජය විසින් පත්කළ සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේදී මුස්ලිම් කොන්ග‍්‍රසයේ නියෝජ්‍ය කාරියප්ප මහතා විසින් එය පක්ෂයේ ස්ථාවරය ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. මෙම ලියුම්කරු එම සමුළුවේදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ අතර ප‍්‍රශ්න කිරීමේදී එම යෝජනාව ඉන්දියාවේ පොන්ඩච්චරි මොඩඩලය මත පදනම් වන බව ප‍්‍රකාශයට පත් විය. නමුත් අෂ්රොප් මහතාගෙන් පසුව බලය තහවුරු කරගත් රවුෆ් හකීම් මහතාට එම යෝජනා බලවත් ලෙස ආණ්ඩුව මත පැටවීමට දේශපාලන බලයක් නොතිබුණි. විශේෂයෙන්ම ඒ.එච්.එම්. අතාවුල්ලා මහතා 2002 දී පක්ෂයෙන් ඉවත් වී අස්රොප් කොන්ග‍්‍රසය බිහිකිරීම (පසුව එය ජාතික මුස්ලිම් කොංග‍්‍රසය සහ ජාතික කොංග‍්‍රසය බවට නාමකරණය විය* නිසා ඔවුන්ගේ බලය හීන විය. එ් නිසා 2002 සාම ක‍්‍රියාවලිය තුළදී විශේෂයෙන්ම තාවකාලික ආණ්ඩු යෝජනාව තුළ මුස්ලිම් රාජ්‍ය සංකල්පයට ඉඩක් ලබා ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් වඩුක්කොඩෙයි යෝජනාව හෙවත් ඊළාම් රාජ්‍ය සංකල්පය ඉහලට එසවූ අමිර්තලිංගම් පසුව බෙදුුම්වාදීන් විසින් මරාදැමුව ද එම න්‍යායාත්මක පදනම අහෝසි නොවූවා සේම මුස්ලිම් බෙදුම්වාදී සංකල්පය ගොඩනැඟූ මුස්ලිම් කොන්ග‍්‍රසය දුර්වල වූ පමණින් එම සංකල්පය දුර්වල වී නැති බව පිළිගැනීමට සිදුවේ.

කෙසේ වෙතත් මුස්ලිම් කොංග‍්‍රසය දුර්වල වූවත් දකුණේ බල අරගලය තුළ ඔවුන්ගේ කේවල් කිරීමේ බලය යම් පමණකට ආරක්ෂා විය. එදා 2005 මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ගොඩනැගූ දේශපාලන සන්ධානය තුළ මුස්ලිම් කොංග‍්‍රසයට විශේෂ ඉඩක් හිමි විය. ඔවුන් විසින් රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉල්ලීම් 67ක් ඉදිරිපත් කළ බව සහ මුස්ලිම් ස්වයං පාලන යෝජනාවද ඊට අයත් වූ බව 2005-10-23 දින සන්ඬේ ටයිම්ස් පුවත්පත විසින් වාර්තා කරනු ලැබීය ඉන්පසුව 2015 ජනවාරි ඊනියා සාමකාමී දේදුනු විප්ලවයෙන් පසුව මුස්ලිම් කොංග‍්‍රසයේ කේවල් කිරීමේ බලය තව දුරටත් වර්ධනය විය. නව ව්‍යවස්ථාව තුළ දෙමළ මුස්ලිම් බලය බෙදීමේ ගැටළුව විසඳිය යුතු බවට ඔවුන් විසින් ප‍්‍රබල මැදිහත්වීමක් සිදු කරනු ලැබීය. එ තුළ 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය මුල්කරගෙන ටී.එන්.එ් පක්ෂය විසින් ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් මුස්ලිම් කොංග‍්‍රසය කියා සිටියේ මුස්ලිම් ජනතාවගේ ස්වයං පාලන අයිතිය රැක ගැනීම සඳහා සටන් කරන බව ය. සන්ඬේ ඔබ්සවර් පුවත්පත 2015-08-02 දින වාර්තා කළ ආකාරයට මුස්ලිම් කොංග‍්‍රසයේ මහලේකම් එවකට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරය දැරූ හසන් අලී මහතා විසින් නැවත වතාවක් ප‍්‍රත්‍යසන්න නොවන මුස්ලිම් බල එ්කකයක් පිහිටු විය යුතු බවට අවධාරණය කරනු ලැබීය. එහිදී එම බලඒකකය ඉන්දියාවේ ‘පොන්ඩච්චරි යුනියන් ටෙරිටරි’ මොඩලය අනුව පිහිටුවිය යුතු බවටද ඔහු විසින් සඳහන් කොට ඇත. මැතිවරණයෙන් පසුව බලය බෙදීම පිළිබඳව සාකච්ඡුා කිරීම් සඳහා 2015 දෙසැම්බර් 30 දින පැවැත්වූ රැුස්වීමේ දී දකුණු නැගෙනහිර පළාත නමින් මුස්ලිම් ු බහුතර නව පළාතක් බිහිකිරීමට ටී.එන්.ඒ. පක්ෂය එකඟ වූ බව හසන් අලී මහතා විසින් සන්ඬේ ඔබ්සර්වර් පුවත්පතට ලබාදුන් සාකච්ඡුාවක දී හෙළිදරව් කරනු ලැබීය. එම සාකච්ඡුාව පුවත්පත විසින් 2016 ජනවාරි 10 දින පළ කරනු ලැබීය. එ් අතර 2016 පෙබරවාරි 22 දින ඬේලි මිරර් වෙබ් අඩවිය පළ කළ මුස්ලිම් කොංග‍්‍රසයේ සභාපති සේගු ඩාවුඞ් මහතාගේ ප‍්‍රකාශයකින් හෙළිදරව් වන්නේ ඔවුන් මුස්ලිම් පාලන බල ඒකකය වෙනුවෙන් තවදුරටත් සටන් කරන බවය.

එ් ආකාරයට ම මුස්ලිම් කොංග‍්‍රසය විසින් මුස්ලිම් බෙදුම්වාදී ඉල්ලීම් දිගින් දිගටම ඉදිරිපත් කිරීම් තුළ එ් මත පදනම්ව රැුඩිකල් අන්තවාදී කණ්ඩායම් කණ්ඩායම් මතු වූ බව රහසක් නොවේ. ඔවුන් යම් ආකාරයකට ප‍්‍රචණ්ඩත්වය නිර්දේශ කළ බවද රහසක් නොවේ. පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක්වූ සයින්දමරුදු ප‍්‍රදේශයේ දී මුස්ලිම් කොංග‍්‍රසයට එරෙහිව ප‍්‍රබල රැුඩිකල් කණ්ඩායමක් බිහි වූ අතර 2018 පළාත් පාලන මැතිවරණයේ දී ඔවුන් විසින් තම බලය පෙන්වනු ලැබීය ප‍්‍රදේශයේ ආගමික නායකයින්ගේ ප‍්‍රබල ආශිර්වාදය සහිතව ‘දොඩම් ගෙඩිය’ ලකුනින් ස්වාධීනව තරග කළ එම කණ්ඩායමට කල්මුණේ මහනගර සභාවේ ආසන 41න් 09ක් දිනා ගැනීමට හැකිවිය. එහිදී මුස්ලිම් කොංග‍්‍රසයට තම බලය රැුක ගැනීමට හැකි වුූවද ඔවුන් විසින් දිනාගනු ලැබුවේ ආසන 12ක් පමණි. දොඩම් ගෙඩිය කණ්ඩායම විසින් ඉදිරිපත් කළ ප‍්‍රධානතම සටන් පාඨය වූයේ කල්මුණේ මහ නගර සභාවේ කොට්ඨාස හතරෙන් එකක් වූ සායින්දුමරුදු කොට්ඨාසය වෙනම නගර සභාව බවට පත් කිරීමය.

ජාතික හෙළ උරුමය පක්ෂයේ නිශාන්ත වර්ණසිංහ මහතා විසින් ‘අද’ පුවත්පතට කරන ලැබූ ප‍්‍රකාශයක් අනුව ද 2019 නොවැම්බර් 11 දින බැසිල් රාජපක්ෂ මහතා විසින් එම ඉල්ලීම ඉටු කරන බවට අදාළ කණ්ඩායමට සහතිකයක් ලබා දී ඇත. ඔහුට අනුව එම හේතුව නිසා කල්මුණේ මැතිවරණ බල ප‍්‍රදේශයෙන් පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7286 දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් එම ප‍්‍රදේශයෙන් එනම් සමස්ත කල්මුණේ ඡුන්ද කොට්ඨාශයෙන් 2015 මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ලබා ගත හැකි වූයේ ඡුන්ද හාරදහසකට ආසන්න ප‍්‍රමාණයක් හෙවත් 9% කි. නමුත් අම්පාර මැතිවරණ කොට්ඨාශයෙන් එතුමා 61% ලබා ගැනීමට සමත් විය. කවුරන් විසින් කුමන පොරොන්දු ලබා දුන්නත් සයින්දුමරුදු නගරයේ 25000 වන 100% මුස්ලිම් ජනගහනයෙන් 2019 වැඩිවී ඇති බවට උපකල්පනය කළ හැක්කේ උපරිම වශයෙන් ඡන්ද 180 කි. කෙසේවෙතත් මුස්ලිම් කොංග‍්‍රසය සහ සෙසු ආගමික අන්තවාදී කණ්ඩායම් ඉල්ලා සිටින ප‍්‍රත්‍යසන්න නොවන මුස්ලිම් රාජ්‍යයේ ප‍්‍රත්‍යසන්න කොටස වන පොතුවිල් සමන්තුරේ සහ කල්මුණේ ඇතුළත් වන ඊනියා දකුණු නැගෙනහිර පළාතේ අගනුවර වන්නේ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් මුහුදුවෙරළ සහිත මුස්ලිම් ජනතාව 100% වාසය කරන සයින්දුමරුදු පළාත් පාලන බල කොට්ඨාශය බව ඉතා පැහැදිලියි.

උතුරු ප‍්‍රදේශය මුල් කරගත් දෙමළ ස්වයං පාලන එ්කකයට යාපනය වැදගත් වන ආකාරයටම දකුණු නැගෙනහිර ප‍්‍රදේශය මුල් කරගත් මුස්ලිම් ස්වයං පාලන එ්කකයට සයින්දමරුදු බල ප‍්‍රදේශය උපාය මාර්ගික ලෙස වැදගත් වේ. දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය මෙන් අනාගතයේදී වර්ධනය විය හැකි මුස්ලිම් බෙදුම්වාදී කේවල් කිරීමේ ක‍්‍රියාවලිය තුළ ප‍්‍රචණ්ඩත්වයත්වයට යම් භූමිකාවක් හිමිවන බව ලෝකයේ බෙදුම්වාදී ව්‍යාපාර පිළිබඳව යම් අවබෝධයක් ඇත්තෙකුට පහසුවෙන් වටහාගත හැක. එ් අනුව ඊට අදාල මූල කදවුර බවට සයින්දමරුදු පත්වන බව ඉතා තර්ක තර්කානුකූලව ඔප්පු කළ හැක. එම ප‍්‍රදේශය කල්මුණේ නගර සභාවේ කොට්ඨාසයක් ලෙස ගැසට් කරනු ලබන්නේ 1987දීය. එම ප‍්‍රදේශය නගර සභාවෙන් ඉවත් කොට වෙනම පළාත් පාලන ආයතනයක් ප‍්‍රකාශයට පත් කරන ලෙස මුස්ලිම් කොංග‍්‍රසයේ ප‍්‍රාදේශීය ක‍්‍රියාකාරකින් සහ වෙනත් රැුඩිකල් කණ්ඩායම් විසින් ඉල්ලා සිටින්නේ 1988 සිට ය. සයින්දුමර්දු ජුම්මා පල්ලියේ භාරකාර මණ්ඩලය ඊට මුල්විය. එම ඉල්ලීම් සමග ටී.එන්.ඒ. පක්ෂය විසින් කරනු ලැබූ තවත් ඉල්ලීමක් මත කල්මුනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙමළ සහ මුස්ලිම් වශයෙන් ජාතිවාදී සහ ආගම්වාදී පදනමින් කොට්ඨාස දෙකක් බවට 1989 ජනවාරි මාසයේ දී ප‍්‍රකාශයට පත් කෙරිනි.

කෙසේ වෙතත් කල්මුණේ මහ නගර සභාවෙන් සයින්දමර්දු කොට්ඨාශය බෙදා වෙන් කිරීමේ මූලික පියවරක් ලෙස එම ප‍්‍රදේශය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරෙන්නේ 2001 පෙබරවාරි 4 වෙනිදා ය. කල්මුණේ නගර සභාව මහ නගර සභාවක් බවට පරිවර්තනය කෙරෙන්නේද එම වසරේදීම ය. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට මහනගර සභාවකින් කොටසක් කඩා එම කොටස නගර සභාවක් ලෙස ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටින්නේ සායින්දුමරුදු ජුම්මා පල්ලියේ පාලක සභාවේ මගපෙන්වීම යටතේය. ඔවුන් තම ඉල්ලීම 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය මුල්කරගෙන රවුෆ් හකීම් මහතාට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කළ බව ප‍්‍රදේශය ප‍්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වන ඒ.ආරිෆ් මහතා පවසයි. අගමැතිවරයා විසින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය මුල්කරගෙන සායින්දුමරුදු වලට වෙන්ම නගනගර සභාවක් ලබාදෙන බවට කල්මුණේ පැවති මහජන රැුලියකදී පොරොන්දු වූ බව ඔහු විසින් අනාවරණය කොට ඇත. නමුත් අගමැතිවරයා හෝ ජනාධිපතිවරයාවරයා එම පොරොන්දු ඉටු කිරීමට කටයුතු නොකළ බව රහසක් නොවේ. ඊට හේතුව එම ඉල්ලීම මුස්ලිම් බෙදුම්වාදී මතවාදය සමග ගැට ගැසී තිබීම විය හැක.

මෙම තත්ත්වයන් එසේ තිබියදී 2019 අපේ‍්‍රල් පාස්කු ප‍්‍රහාරය ට පසුව බරපතළ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පැනනැගුණු එම ප‍්‍රදේශයට ඊට දිනකට පෙර පැමිණි ඇමරිකානු තානාපතිනිය විසින් ඇමරිකානු ‘‘ෆැසිපික් කොමාන්ඞ්‘‘ හමුදාව විසින් ඉදිකළ යුද්ධයකදී වුවද මහජනයාට ආරක්ෂාව සැලසිය හැකි ආකාරයේ ගොඩනැගිලි සංකීර්ණයක් විවෘත කරනු ලැබීය. ලෝකයේ ආරක්ෂක පර්යේෂණ ප‍්‍රකාශන පළ කරන යම් වෙබ් අඩවිවල විශ්ලේෂණ අනුව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය මුහුදු කොල්ලකරුවන් විසින් භාවිතා කිරීමේ අනතුරක් ඇත. මඩකලපුව ආගමික විශ්වවිද්‍යාලයක් පිහිටවීම සදහා ජාත්‍යන්තර අන්තවාදී සංවිධාන වලින් නීති විරෝධි ලෙස විදේශ විනිමය ලබා ගත් බවට චෝදනාවට පාත‍්‍රවූ නැගෙනහිර පළාතේ දේශපාලකයෙකු විසින් ඔලූවිල් වරායද ඇතුලත් වන කාත්තන්කුඩි සිට පොතුවිල් දක්වා නැගෙනහිර වෙරළේ අක්කර දහස් ගණනක් මිලදී ගෙන ඇති බවට ප‍්‍රවෘත්ති පලවිය. ඒ අනුව වෙරළ ආශ‍්‍රිත භූමිය ජාත්‍යන්තර ඉස්ලාම් මූලධර්මවාදී බලවේග අතට පත්වීමේ අනතුර බැහැර කළ නොහැක. එවැනි තත්ත්වයක් මතුවුවහොත් ජාත්‍යන්තර නාවික ගමනාගමනයේ ප‍්‍රධානතම නාවික මාර්ගය ආරක්ෂා කිරීම සඳහා අමෙරිකානු පැසිපික් කොමාන්ඞ්් හමුදාව එ් ආශ‍්‍රිත මුහුදේ රඳවා තැබීම සාධාරණීකරණය කළ හැකිවේ. ඊට අමතරව ගෝලීය බෙදුම්වාදී ව්‍යාපාර පිටුපස ක‍්‍රියාත්මක වූ බටහිර බලවේග වල න්‍යාය පත‍්‍ර අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ බෙදුම්වාදී ගැටුම් ඇතිකොට රටක් බෙදා වෙන් කළ පමණින් ගැටුම් අවසන් වීමට ඔවුන් ඉඩ නොදෙන බවය. යම්දිනක දෙමළ ඊළාම් රාජ්‍ය යථාර්ථයක් වන්නේ නම් ගැටුම් දිගින් දිගටම පවත්වාගෙන යාම සඳහා ඉස්ලාම් අන්තවාදය සහ බෙදුම්වාදය යොදා ගන්නා බවට සැකයක් නැත. ශ්‍රී ලංකාවේ රඳවා සිටි ඉන්දියානු හමුදා විසින් එල්ටීටීඊ හමුදාවට පහර දීම සදහා 1988 දී ජිහාඞ් සංවිධානයක් පුහුණු කළ බව රහසක් නොවේ.

නව රජයේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාවිසින් පෙබරවාරි 14 දින අංක 2162/50 ගැසට් නිවේදනය මගින් ග‍්‍රාම සේවා කොට්ඨාස දාහතක් ඇතුළත් සයින්දමරුදු ප‍්‍රලත් සයින්දමරුදු ප‍්‍රදේශය කල්මුණේ නගර සභාවෙන් වෙන් කොට නව නගර සභාවක් ලෙස ප‍්‍රකාශයට පත් කරන්නේ එවැනි මහා පින්තූරයක් තුළය. එම තත්වයන් එසේ තිබියදී පළාත් පාලන අමාත්‍යවරයා විසින අදාල චක‍්‍රලේඛය නිකුත් කිරීමේදී වැරදි තුනක් සිදුකොට ඇත පළමුවැන්න වර්තමානයේ පවතින පටිපාටිය අනුව එ් සඳහා නිර්දේශ ලබා ගැනීම සඳහා පත් කළ යුතු නිලධාරීන්ගේ කමිටුව විසින් මහජන අදහස් ලබා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කළ යුතු වුවත් එවැන්නක් සිදු නොකිරීමය. දෙවැන්න නව පළාත් පාලන ආයතන පිහිටුවීම සහ පවතින ආයතන උසස් කිරීමට අදාළව අනුගමනය කළ යුතු නිර්දේශ අඩංගු 2017 කමිටු වාර්තාවට කිසිදු සැලකිල්ලක් නොදැක්වීම. හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් එම කමිටුව පත්කරනු ලබන්නේ 2016 -05-25 දින නීතිඥ චන්දන ජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙනි තුන්වන වරද අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර අමාත්‍ය මණ්ඩලයට නො දැන්වීමය.

කෙසේ වෙතත් මේ වන විට කුමනහෝ බලපෑමක් මත අමාත්‍යවරයා විසින් සිදු කළ වරද ජනාධිපතිතුමා විසින් නිවැරදිකොට ඇත. නමුත් තාක්ෂණිකව එම වරද නිවරදි කළද දේශපාලනිකව සිදු කළ වරද නිවරදි කිරීම පහසුවන්නේ නැත. මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීම මගින් දෙමළ බෙදුම්වාදය මට්ටු කළ හැකි බවට ඉන්දියානු රෝ ඔත්තු සේවා විසින් නිර්මාණය කළ තකතීරු න්‍යාය මත මේවා සිදුවන බව විශ්වාස කළ හැක. පසුගිය කාලයේදී නැගෙනහිර අන්තවාදයට අමතරව පුත්තලම සිට මන්නාරම දක්වා බටහිර අන්තවාදයක්ද වර්ධනය වීමට අවශ්‍ය තත්වයන් නිර්මාණය වූයේ එම න්‍යායට අනුව බවට සැකයක් නැත. අද වන විට එම අන්තවාදය කොතෙක් බලවත්වී ඇත්ද යන්න ඊට නායකත්වය දෙන ප‍්‍රභල දේශපාලකයාගේ අන්තවාදී ක‍්‍රියාකාරකම් වලට බාධාවක් වූ හමුදා අණ දෙන නිලධාරියා එම ප‍්‍රදේශයෙන් මාරු කිරීමය සමත්වීම තුලිනි පැහැදිලිවේ. කෙසේ වෙතත් නැගෙනහිර සහ බටහිර අන්තවාද දෙකම කොළඹට කේන්ද්‍රගතවූ ආකාරය පාස්කු ප‍්‍රහාරය තුලින් දැක ගත හැකි විය. ඒ ආකාරයට ‘‘විල්පත්තු අත්දැකීම‘‘ විසින් ඉහත සදහන් කළ න්‍යායේ තකතීරුකම ඕනවටත් වඩා හොදින් ඔප්පුකොට තිබිියදී සයින්දුමරුදු අත්හදා බැලීම සිදු කරන්නේ රාත‍්‍රියට පමණක් නොව දහවලටද ඇස් නොපෙනෙන අය විසින් බවට සැකයක් නැත. එහෙත් ? වැටුන වලේ දහවලදී වැටීමට ජනතාවටනම් අවශ්‍ය නැත. එම ජනතාව අතර ඉස්ලාම් අන්තවාදයෙන් බැට කන සහ හදවතින් ඊට එරෙහි වන අති බහුතරයක් වන අහිංසක සාමාන්‍ය මුස්ලිම් ජනතාවද සිටින බවට විවාදයක් නැත.

වෛද්‍ය කේ. එම් . වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More