දේශීය පුවත්

‍මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, සියඹලාගුණේ -උලහිටිතැන්න ප්‍රදේශයේදී මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතාගේ ආධාරකාරියක් වන සදමාලි කුමාරි (45) යන අයට පහරදීමක් සිදුකර ඇත්තේ ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරිවරයෙකු වන ආනන්ද නැමති අයෙකු විසිනි. ‍

මෙම පහර දීමට හේතු වී ඇත්තේ පසුගිය 10 වැනිදා දින උදයශාන්ත මන්ත්‍රීවරයා විසින් තමාගේ ජයග්‍රහණය උදෙසා පවත්වන ලද ක්‍රියාකාරී හමුවකට මෙම තැනැත්තිය සහභාගී වීමය.

පහරදීම සිදුකර ඇති සමෘද්ධි නිලධාරීවරයා මෙ මැතිවරණයේදී සහයෝගය දක්වනු ලබන්නේ පොදුජන පෙරමුණේම තවත් අපේක්ෂකයකු වන ගලගමආරච්චි මහතාට බව පැවසේ.

නිමල් ගලගම ආරච්චි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැල්ලවාය ආසනයේ සංවිධායකවරයාය.

පහරදීමට ලක්වූ කාන්තාව ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවගොස් ඇති අතර අදාල පහරදීම සිදුකළ පුද්ගලයා වැල්ලවාය පෝලීසිය විසින් අත්අඩංගුවට ගෙන නිදහස් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More