දේශීය පුවත්

මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී ඒ මහත්මිය මේ බව බව පැවසීය.

එහිදී අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ අලුතින් වාර්තා වු රෝගීන් දෙදෙනා ද ඉතාලි සිට මෙරටට පැමිණි අයවලුන් වන බවය.

මේ අතර මුලින් තහවුරු කර ගත් මාර්ගෝපදේශකයින් දෙදෙනාට අමතරව ඊයේ දිනයේදි වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු කර ගත් පුද්ගලයින් තිදෙනෙකුද වාර්තා විය.

මෑතකදි ජර්මනියේ සංචාරය කර මෙරටට පැමිණි 41 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ඒ අතර වන අතර ඔහු මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අනෙක් පුද්ගලයින් දෙදෙනා වන්නේ ඉතාලියේ සිට පසුගිය 11දා මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධානය මධ්‍යස්ථානයේ රදවා සිටි අයයි.

37 හා 43 යන වයස්වල පසුවු ඔවුන් දෙදෙනා මේ වන විට පොළොන්නරුව මහා රෝහලේ හා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් 103 දෙනෙකු දිවයිනේ රෝහල් 14ක ප්‍රතිකාර ලබන බව වසංගතරෝග විද්‍යා අංශය සදහන් කරයි.

පුද්ගලයන් 35 දෙනෙකු අයි.ඩී.එච් රෝහලෙත් පුද්ගලයන් 16 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලෙත් පුද්ගලයන් 13 දෙනෙකු ගම්පහ මූලික රෝහලෙත් ප්‍රතිකාර ලබමින් සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More